" Merci "
" මම දැක්කෙ නෑ, ඔයාගේ ටී ෂර්ට් එකෙත් ගෑවුණා නේද?" අමීලි එක පාරටම තමන් පිටිපස්සෙන් හිටිය කලින් දැකලා නැති කෙනාට කිව්වා.
" ඒකට කමක් නෑ"
"ඒත් ඒක මගේ වැරැද්ද"
"Come on, මම Luca, ඔයා කවුද?"
"අමීලි"Luca හිනාවෙවීම අමීලිට අතට අත දුන්නා.
තඹපාට පැත්තට පීරපු කොණ්ඩේ, බාගෙට වැවුණ රැවුල, තඹ පාට ටච් එකක් එක්ක කොළපාටට හුරු ඇස්, ගානට උල් වුණ නහය... මේ හැමදේම එක්ක කතා කරද්දි උඩ පහල යන නෙරා ආව උගුරු දණ්ඩ.... අමීලිට අල්ලගත්ත අත අත අරින්න ටිකක් වෙලා ගියා.
"ඔයා මොන department එකේද?" Lucas ඇහුවේ අමීලිගේ අත අල්ලගෙනමයි.
"මම viticulture , ඔයා?" අමීලි ඉක්මනින් වචන ගලපන අතරෙ lucas ගේ අත නිදහස් කළා.
"මම Transport එකේ. ඔයාලා වවන ඒවයින් හදන දේවල් අපි තමයි market එකට, air port එකට, port එකට ගෙනියන්නේ"
"අහ්, ඒකයි අපි මීට කලින් මුණගැහිලා නැත්තේ." අමීලි දෙපාරක් නොහිතා කිව්ව එක ගැන ඊළඟ විනාඩියෙදිම දුක් වුණා.
"ඉන්න මම බෙදාගෙන එන්නම්" Lucas එහෙම කියලා potatoes dauphinoise බෙදා ගන්න ගියා"
එදා හරි ලස්සන දවසක්, අහස හරිම පැහැදිලියි, vineyard එකේ open buffet එක ලස්සනට පිළියෙල වෙලා තිබුණා. සරල වුණත්, රසවත් මෙනුවක් ලෑස්ති කරගන්න පුලුවන් වුණ එක ගැන Mercel ගොඩක් සතුටු වුණා. Bunglow එකේ ඉදිරිපිට දිග මේසයක සුදු රෙද්දක් එළලා, ඒ මත විවිධ ආහාර වර්ග දහයක් පමණ පිළිගන්වන්න ආහාර සැපයුම් කරු කැමති වුණේ කෙටි දැනුම් දීමකින් ඊට වඩා දෙයක් කරන්න බැරි බවට දහස්වාරයක් Mercel එක්ක රණ්ඩු වෙලා. ඒ මේසයටම අල්ලපු රවුම් මේසයක vineyard එකේම නිපදවෙන champagne බෝතල් කිහිපයකුත් තියලා තිබුණා.
කෑම කන්න සකස් කරලා තිබුණෙ vineyard එකේ dining hall එකේම තිබුණු මේස සහ පුටු.
අමීලි ගිහින් වාඩි වුණ තැනටම Lucas එයාගේ plate එකත් අරන් ආවා. Lucas හරි ලේසියෙන් අමීලි එක්ක කතා කළා. ඒ කතා කරන්නේ මොන අරමුණකින්ද කියල අමීලිට හිතා ගන්න ටිකක් අමාරු වුණා.
මේ අතරෙ Mercel එක්ක Jimin, bungalow එකේ උඩ තට්ටුවේ ලොකු වීදුරු ජනේලයේ තිරයට මුවා වෙලා තමන්ගේ ආයතනයේ සේවකයන්ව අධ්‍යයනය කරන එක ආරම්භ කරලයි තිබුණෙ.
ESTÁS LEYENDO
SPARKLES | PJM | FF [COMPLETED]
FanficChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne