12 🥂

149 51 22
                                    

කඳුළු නිසාම බොඳ වුණ ඇස්වලින් අමීලි වීදුරුවෙන් පේන තමන්ගේ මූණ දිහා බලාගෙන හිටියේ තවත් අඬලා තේරුමක් නෑ කියලා හිතන අතරෙ.

වෙයි කියලා බලාපොරොත්තු වුණ දෙයක්, හරියට වසන්තය අවසාන වෙන දවසක් එනවා වගේ මේ දවස කවදාහරි එන බව අමීලි දැනගෙන හිටියා.

Lucas, බාහිරින් බැලුවම හිත රත් කරලා අළු කරන්න පුලුවන් තරම් ලස්සන රූපයක්... ඇත්තටම ඒ තොල් සිපගන්න කිසිම කෙනෙක් දෙවරක් නොහිතන බව අමීලි දැනගෙන හිටියා. මුලින්ම ඒ හිනාව තමන්ව නතු කරගත්ත වෙලාවෙත් අමීලිට දෙවරක් හිතන්න හේතුවක් තිබුණේ නෑ. ඒත් Lucas බලාපොරොත්තු වෙන හැමදේම දෙන්න අපහසු බවක්, දැනෙන්න පටන් ගත්තේ කවදද කියලා අමීලි කල්පනා කළා. හිත, නන්නත්තාර වුණ බව , ඒකට එකම හේතුව දවසට දෙතුන්වරක් තමන්ට එන කෙටි පණිවිඩ බව අකමැත්තෙන් වුණත් පිළිගන්න අමීලිට සිද්ධ වුණා.

මීට මොහොතකට කලින්, හුස්ම දැනෙන නොදැනෙන ගානට Lucas අමීලිගේ මුණට ලං වෙද්දි අමීලි හිතින් මවාගත්තේ මූණ මොනවගේද කියලාවත් දැකලා නැති
fantôme ව.

Lucas බලාපොරොත්තු වුණ උත්තරය තොල්වලින් ලස්සනට ඒ තොල් මත ලියන්න අමීලිට හිත හදාගන්න හිතුවාටත් වඩා ගොඩාක් අමාරු වුණා. Lucas ගේ තොල් ස්පර්ශ වෙන්නත් කලින්ම තමන්ව උණුහුමට තුරුල් කරගෙන හිටිය ඒ ග්‍රහණයෙන් මිදිලා, "désolé, je ne peux pas faire ça (sorry , I can't do this) කියලා, ඇස්වල කඳුළුත් පුරවාගෙන එතනින් දුවලා එන්න තරම් හිත හිරවෙලා තිබුණේ කොතනද කියලා අමීලිට නොදැනුනාම නෙවෙයි.

පුදුමයෙන් තමන් දිහා බලා හිටිය Lucas ගේ කොළපාට ඇස් ගැන නොහිතා ඉන්න අමීලිට හිතුව තරම් අපහසු වුණේ නෑ. ඒත් ඇයි මෙහෙම වුණේ....

ෂැම්පේන් වීදුරුවක නැගෙන බුබුළු වගේ, තමන්ට දැනෙන්නෙත් මතුපිටට ඇවිත් පිපිරිලා යන තාවකාලික දෙයක්ද... ඒක පිපිරෙන්න නියමිත, පවතින්න නොහැකි හැඟීමක් වුණත්, ඒ අදාල කෙනාට ඒක කියන්න පුලුවන් ද... අමීලි කල්පනා කළා.

සති ගාණක් තමන් එක්ක කතා කරපු, dinner out වලදි, සංයමයෙන් හැසිරුණ Lucasව ප්‍රතික්ෂේප කරන්න තරම් සාධාරණ හේතුවක් අමීලිට නොතිබ්බත්, සිප ගැනීමකින් ආරම්භ වෙන ඒ දිගු ගමන Lucas එක්ක අත් අල්ලගෙන යන්න අමීලිට හිත හදාගන්න අමාරු වුණා.
.
.
.
.
.
කෙටි නිවාඩුවක් දාපු අමීලි කෙලින්ම ආවේ අපාට්මන්ට් එකට.
Lucasට සමාවෙන්න කියලා කෙටි පණිවිඩයක් තියන්න අපහසුවෙන් හිත හදාගත්ත අමීලි අතට ගත්තේ එයාගේ journal එක.
"Fake love" සිංදුව play වෙන්න අතරෙ තමන්ටත් නොතේරෙන් හැඟීම් journal එකේ අකුරු කළේ, හිත හදාගන්න ඒ වෙලාවේ තිබුණ එකම විසඳුම හිතේ තියෙන දුක තමන්ගේ බයස්ට කියන එක කියලා එයාට හිතුන නිසා....
" Fake love" තමන් ගැන බොරු ප්‍රතිරූපයක් මවා පාලා වෙන කෙනෙක් වෙනුවෙන් ආදරය කරන එකෙන් තමන්ට තමන්වත් අහිමි වෙන බව එයාලා ලස්සනට සහ රසවත්ව අමීලිට මතක් කළා.

SPARKLES | PJM | FF [COMPLETED]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ