22 🥂

116 34 13
                                    

දවසම practice, sound check වලට වෙන් වෙද්දි ජිමින්ට හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණෙ නැති තරම්.

LA concert එකට තව දවසයි තියෙන්නේ. ඉතින් තමන්ව බලන්න එන ආමිලාව සතුටු කරන එක එයාගෙ යුතුකම බව කවුරුත් අලුතින් කියා දෙන්න ඕනෙ වුණේ නෑ. අනෙක් හය දෙනාම ගොඩක් සතුටින්, පුදුමාකාර ජවයකින් පුහුණුවීම් කළා. මොකද කොරෝනා වසංගතයෙන් පස්සෙ live offline show එකක් එයාලා USA වල කරන්නෙ පළවෙනි වතාවට.

අතරින් පතර ලැබෙන විනාඩි කිහිපයක විවේකයේදි අමීලිට කෝල් කළත් ෆෝන් එක ඕෆ් වෙලා කියලයි කියවුණේ. Mercel ට කෝල් කළත් වැඩි විස්තරයක් ලැබුණෙ නෑ.

අන්තිමට දවසෙ practice ඉවර වෙලා van එකට නගිද්දි ජිමින් හිතුවා Mercel ට ටිකක් තදින් කතා කරලා හරි විස්තර දැනගන්න.

" හෙලෝ සර්" උදේ හතට බොස්ගෙන් කෝල් එද්දි Mercel ට සිද්ධ වුණේ මුවින් නොබැන හිතින් බනින ගමන් ගරුසරු ඇතිව කතා කරන්න.

(ප්‍රංශය සහ LA අතර වෙලාව වෙනස පැය නවයක්)

" අර ඊයෙ වැටුණා කිව්ව worker,  එයාට හරියටම මොකද්ද වුණේ."

" ආ ලොකු ප්‍රශ්නයක් නෑ සර්, මම insurance ඔක්කොම බැලුවා. ලොකු ගාණක් ගෙවන්න වෙන්නෙ නෑ අපේ පැත්තෙන්. එයා මේ කාත් එක්ක හරි කතා කර කර පඩිපෙලේ යන්න ගිහින් වැටිලා තියෙන්නෙ. ඒ නිසා ඒක අපේ vineyard එකට නීතිමය පැත්තෙන් බලපාන්නෙ නෑ. අපිට අදාල වැඩක් කර කර ඉන්න අතරෙ මොනා හරි වුණා නම් තමා අපිට කේස් එකක් වැටෙන්නෙ..."

" මනුස්සයෝ මම ඇහුවේ සල්ලි ගෙවන එක ගැන නෙවෙයි. ඒ වැටුණ කෙනාට මොකද වුණේ, හොස්පිටල් එකේදි මොනාද කිව්වේ කියලා"

" එයාට ඔපරේෂන් එකක් නම් කළා, අද ගෙදර යවයි හවසට. එයාගෙ අම්මයි, කොල්ලයි දෙන්නම ඇවිත් හිටිය. මම ඔපරේෂන් එකෙන් පස්සෙ ගියා අපිට මොකුත් කේස් වැටෙනවද කියලා දැනගන්න ඩොක්ටර් එක්ක කතා කරන්න."

ඒක අකුණක් ගහන්නා වගේ ප්‍රකාශයක්. කවුරු හරි ඇවිත් තමන්ගෙ හදවත නතර කරලා, සීතල හිම කන්දක් ඇතුළට දැම්මා වගේ හැඟීමක් ජිමින්ට දැනුණෙ.

ෆෝන් එක කන ළඟම තියාගෙන ජිමින් කල්පනා කළා.

"වෙන්න බෑ. එයා කිව්වනෙ break up කියලා. ඒත්.... මමත් ළඟ නෑනෙ. ඔපරේෂන් එකකුත් කරලා, අමාරුවෙන් ඉන්න අතරෙ මමත් ළඟ නැති වුණාම අමීලිට දුක හිතෙන්න ඇති. ඒත් කවුද මේ කියන කොල්ලා... "

SPARKLES | PJM | FF [COMPLETED]Onde histórias criam vida. Descubra agora