අමීලිට මුලින්ම හිතුනේ ඒක සාමාන්‍යය තෑග්ගක් කියලා. රිදී පාර bracelet එකක්, ඒත් ඒකෙ ඇතුල් පැත්තේ ලස්සනට කැටයම් කරලා තිබුණේ " Will you marry me" කියලා.
ඒක දැක්කම අමීලිට විශ්වාස කරන්න අමාරු වුණා. එක පාරටම කැස්සකුත් ආවා. ඇස්වලට කඳුළුත් පිරුණා.
" ඇත්තටම එයා සීරියස් ද?" අමීලි හිතුවේ එහෙම. ප්‍රංශයේ සංස්කෘතිය එක්ක විවාහය සහ එකට ජීවත් වීම සම්පූර්ණ අන්ත දෙකක්. විවාහ වෙන එක සහ විවාහය පවත්වගෙන යන එක , ලේසි පහසු වැඩක් නොවෙන නිසාම අමීලි ජීවත් වුණ පරිසරයේ විවාහය කියන්නෙ ගොඩක් හිතලා බලලා කරපු දෙයක්.
ජිමින්ගෙ කාර්‍යබහුල ජීවිතේ සහ idol image එක මේන්ටේන් කරන එකත් එක්ක විවාහය කියන්නෙ කරන්න බැරි දෙයක් කියලා අමීලි ඇත්තටම බයෙන් හිටියේ. ඒ ගැන එයාගෙන අහන්න පුලුවන් කමක් තිබුණෙත් නැහැ.
ඉක්මනට ජිමින්ට කෝල් එකක් ගන්න අමීලි උත්සහ කළත් ඒ වෙලාවෙ කාර්‍යබහුල වෙලා හිටිය ජිමින්ට ඒ කෝල් එකට ආන්සර් කරන්න බැරි වුණා.
පැය දෙකකට පස්සෙ බලා හිටිය ඒ ඇමතුම ආවා.
" ජිමිනා..." අමීලි කතා කරපු ටෝන් එකෙන්ම ජිමින් දැනගත්තා මේ මග බලාගෙන හිටිය කෝල් එක කියලා.
" ඔයා කැමතියි ද ඒකට?"
" oui bien sûr, yes of course "
" මම දැනගෙන හිටියා උත්තරය , ඒත් ටිකක් බය හිතුනා. ඔයාට මගෙ schedule එක්ක බෑ කියලා හිතෙයිද කියලත්"
" එහෙම නෑ, ඔයා දන්නවනෙ."
" ඔව්, ඔයා treatment ඉවරවෙලා ඔය කාමරයෙන් එළියට එනකල් මම බලාගෙන ඉන්නවා."
" අපි වෙඩින් එකක් ගන්නවද?"
" ඔව්, vineyard එකේ ගමුද?"
" සීරියස් ??"
" ඔව්, මම ආසයි vineyard එකට. අනික ඔයාගෙ රටනෙ. සෝල්වලවත් බූසාන්වලවත් අපිට මේක නිදහසේ කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා අපි champagne වලදි මේක කරමු."
අමීලිට හිතාගන්න බැරි වුණා. Vineyard wedding එකක් කියන්නෙ හරියට සුරංගනා කතාවක කොටසක් වගේ. ඒ හීනය එයා හැබෑ කරනවා.
" අපි එහෙම කරමු"
" ආ ඔයා bracelet එකට කැමතියි ද?"
BẠN ĐANG ĐỌC
SPARKLES | PJM | FF [COMPLETED]
FanfictionChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne