17 🥂

135 44 74
                                    

අත් දෙක විදහගෙන , ඇස් හීනි කරගෙන, හිනා වෙන ජිමින් දිහා බලාගෙනම අමීලි එයාට තුරුළු වුණා. හිතේ නිදහස හොඳටම දැනෙන නිවහනක් තමන්ට අන්තිමේදි ලැබුණා කියලා අමීලි හිතුවා.

එහෙම හිතන අතරෙ මේ හැම තප්පරයක්ම වටින නිසා, හැම ස්පර්ශයක්ම මතක තියාගන්න වගේ අමීලි ඇස් පියාගත්තා. අමීලිට දැනුණා ජිමින්ගේ තොල් තමන්ගේ නළල මත දැවටෙන බව. අමීලි තවත් උණුහුමට ජිමින්ට තුරුළු වුණා.

ඒ විදියට කොච්චර වෙලාවක් ගෙවුණද කියලා දෙන්නටම තේරුණේ නෑ.

"අපි ඇවිදින්න යන්න ඕනෙ නේද?" අමීලි ඇස් පියාගෙනම එහෙම ඇහුවා.

" යන්නම ඕනෙද? මට මේ ඉන්න විදිය ඊට වඩා නිදහස් වගේ දැනෙනවා. ඔයා දන්නවනේ මම ආසම එහෙම කියලා.

ඇත්තටම , එළියට බැහැලා නිදහසේ ඇවිදිනවා කියන එක ජිමින්ට කරන්න අපහසු දෙයක් බව අමීලි දැනගෙන හිටියා. ඇවිදින්න යනවට වඩා බිත්තිවලට කොටුවෙලා ඉන්න එක එයාට නිදහස් නිසා ඒකට එකඟ වෙන්න අමීලි හිතුවා.

" හරි Mr couch potatoe, අපි මේ couch එකේ වාඩිවෙලා අපේ හිත්වලින් ඇවිදිමු" අමීලි හිනාවෙවී එහෙම කිව්වා.

" කුමාවෝ අමීලි" ජිමින් හිනා වෙවී කිව්වේ සතුටින්.

ජංගම දුරකතනය නාද වුණ නිසා ජිමින්ගේ මූණ එකපාරටම වෙනස් වුණා.

ෆෝන් එක අරගෙන බැල්කනියට ගිය ජිමින් දිහා බලාගෙන අමීලි වාඩිවෙලා හිටියේ හිතේ කනස්සල්ලෙන් .

" අමීලි, මට කලින් යන්න වෙනවා. මම මේ ගමන එන්න ගොඩක් අමාරුවෙන් වෙලාව හදාගත්තේ. ඒත් මට යන්නත් පැය දහයකට වඩා යනවනේ. ඔයා මාත් එක්ක තරහා නෑ නේද කලින් යනවට"

"අහ් කලින් යන්න වෙනවද..."

" මට යන්නම වෙනවා, මේ පාර එන්නත් flight arrangement දාගන්න ටිකක් කරදර වුණා. කලින් ප්ලෑන් නොකල දෙයක් නිසා. සාමාන්‍යය කෙනෙක්ට වගේ හිතුන වෙලාවට ටිකට් බුක් කරලා, සාමාන්‍ය flight එකක එන්න තරම් මට වාසනාව නෑනෙ."

" එහෙම හිතන්න එපා. ඔයා නිසා කීදෙනෙක් සතුටින් ඉන්නවද. ඒ නිසා ඔයා ආරක්ෂිතව ඉන්න ඕනෙ. ඔයාට කවුරුවත් අනතුරක් කරනවට අපි කැමති නෑ. හැම වෙලාවෙම එහෙම travel කරන්න වෙද්දි ඔයා හිතන්න, මේ මට ආදරේ කරන අය වෙනුවෙන් මම ආරක්ෂා වෙන්නේ කියලා"

SPARKLES | PJM | FF [COMPLETED]Место, где живут истории. Откройте их для себя