" ආමී අපි එළියට ගියේ ඔයාලට කතා කරන්න අවස්තාවක් දෙන්න. ඔයාලා කතා කළාද?" ජිමින් හිනා වෙවී එහෙම ඇහුවේ ආයි ලයිව් එක පටන් ගන්න අතරෙ.
මෙහෙම තව විනාඩි විස්සක් විතර ලයිව් එක කරපු ජිමින් ආමිලාට නොසෑහෙන්න ස්තූති කරලා ලයිව් එක නිමා කළා.
ඒ එක්කම අමීලිගෙන් ආව කෝල් එක නිසා ජිමින් ගේ මූණ සතුටින් පිරුණා.
" අද marry me කීයක් ආවද ආමිලාගෙන්?" අමීලි ඇහුවේ හිනා වෙවී.
" මම කිව්වනේ පටන් ගනිද්දිම මම අද contact lenses නැතුව ඉන්නේ කියලා. ඒ නිසා මට ගණන් කරන්න බැරිවුණා." ජිමින් කිව්වේ අමීලිව තරහ ගස්සන්න වගේ.
" මම ගණන් කරන්න හිටියේ... කෝ ඉතින් ලයිව් එක කරපු එක්කෙනාගේ චූටි කොණ්ඩෙ දැක්කම මට ඔක්කොම අමතක වුණානේ" අමීලි එහෙම කියද්දි ජිමින් තවත් හිනා වුණා.
" මම දැන් යනවා. අද ඔම්මාගේ කෑම රෑට.."
" හරි ඔයා ඒ ඔක්කොම ඉවර කරලා, නිදාගන්න යද්දි මට කෝල් කරන්න. එහෙනම් මම තියන්නම්. ඔයා සතුටින් ඔම්මයි අප්පයි එක්ක අද දවස ගත කරන්න." අමීලි එහෙම කියලා සංවාදය නිමා කළේ එයාට කරන්න තව ගොඩක් දේවල් තිබුණ නිසා.
ජිමින්, ඔම්මයි අප්පායි එක්ක රෑ කෑම නිමා කරලා නිදා ගන්න එන වෙලාව වෙද්දි අමීලිට වෙලාව හවස හතර වගේ වේවි කියලා අමීලි ගණන් හදාගත්තා. ඒ වෙද්දි vineyard එකේ වැඩ අවසන් කරලා surprise එක සූදානම් කරගන්න වෙලාව යන්තම් සෑහුනත් අමීලි කොහොම හරි vineyard එකේ වැඩ අතපසු නොකරම මේ වැඩෙත් කරන්නයි හිතාගත්තේ.
.
.
.
.දවසේ වැඩ අවසාන කරලා අමීලි ගියේ එයාගේ පුරුදු oak ගසේ සෙවණට. අමීලිට මතක් වුණා ජිමින් bunglow එකේ ඉඳලා අමීලි ගේ picnic එක දිහා බලාගෙන ඉඳලා එව්ව කෙටි පණිවිඩ. තනියෙන්ම හිනා වෙන අතරෙ අමීලි picnic sheet එක එළලා කලින්ම ඇණවුම් කළ කප්කේක් දෙක පෙට්ටියෙන් එළියට ගත්තා. ඒ එක්කම තව සරල කෑම වර්ග කිහිපයක් වගේම champagne බෝතලයකුත් අමීලි අරන් ඇවිත් තිබුණා.
ඒ champagne බෝතලය විශේෂයි , ඒ ගැන ජිමින්ට කියනකල් අමීලිට ඉවසිල්ලක් තිබුණෙ නෑ. ඊට අමතරව තමන්ට ජිමින් එක්ක සව්දිය පුරන්න වෙනම වීදුරුවකට අමීලි champagne අරන් ඇවිත් තිබුණා.
YOU ARE READING
SPARKLES | PJM | FF [COMPLETED]
FanfictionChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne