31🥂

109 29 35
                                    

Grammy performance එකෙන් පස්සෙ PTD concert එක නිසා හැමෝම හිටියේ ගොඩාක් කාර්‍යබහුල වෙලා. ඒ නිසාම ජිමින්ට අමීලිට කෝල් එකක් ගන්න තරම්වත් වෙලාවක් තිබුණේ නැහැ.

ඒත් හැමදාම රෑට විනාඩි පහක් හරි කතා කරන්න එයා වෙලාවක් හොයා ගත්තා.

" දැන් කොහොමද?"

" ගොඩක් දුරට අඩුයි. නියුමෝනියා තත්ත්වයක් වුණත් ඒ තරම් දරුණු නෑ කියලයි එයාලා කියන්නෙ."

" එතකොට කනේ ප්‍රශ්නය ?"

" ඒක නම් නැතිම තරම්. "

" මට හරි සතුටුයි ?"

" මම දන්නවා. මේ තරම් අවධානමක් අරගෙනත්, මේ ගානෙන් හැමදේම විසඳුන එක ඇත්තටම සහනයක්."

"මේක ඉවර වුණ ගමන්ම මම එනවා ඔයාව බලන්න. මම දන්නෙ නෑ ඔයා කොහොම මේ හැමදේම තනියෙන් දරාගන්නවද කියලා අමීලි"

" දවසක අපි දෙන්නට එකතු වෙන්න ලැබෙනවා කියන හීනය තමයි මාව ජීවත් කරවන්නෙ."

අමීලිට වැළඳුන නියුමෝනියා තත්ත්වය ඉක්මනින් හඳුනගෙන බෙහෙත් කළ නිසා තත්ත්වය බරපතල වෙන්න කලින් අමීලිව බේරගන්න වෛද්‍යවරු සමත් වුණා.

හුස්ම ගැනීමෙ දැඩි අපහසුව මුල් දින දෙක ඇතුළත සමනය වුණ නිසාම අමීලිට ඔක්සිජන් නැතිව හුස්ම ගන්න ඉක්මනින්ම පුලුවන් වුණා.
.
.
.
.

" ජිමිනා.... අලුත් ඇල්බම් එකක් එනවද ඒ කියන්නෙ?"

PTD concert එකේ අන්තිම දවසෙ comeback announcement එක දැකපු අමීලි, ජිමින් කෝල් කළ ගමන්ම ඇහුවේ ඒ ගැන.

" ඔව්, ඔව්, ඔයාට කියන්න තව ගොඩක් දේවල් තියෙනවා , මම හෙට රෑ එනවා ඔයාව බලන්න. "

" ඕ ඇත්තටම එනවද? ඔයාට වෙලාව හදාගන්න පුලුවන් වුණාද?"

" ඔව් ඉක්මනට ඔයාව දකින්න ඕනෙ."

" ඒත් ඔයාට ඇතුළට එන්න දෙයිද දන්නෙ නෑ"

" මම බලෙන් එනවා, ඔයා මාව බලන්න ආවා වගේ"

" මම ආවේ ඔයාට උදව් කරන්නනේ. ඒත් ඔයා මාව බලන්න එහෙම ඇවිත් විෂබීජ මොනවා හරි අරන් ආවොත් මොකද වෙන්නෙ."

" බලමු, මම එනවා ඒ වුණාට."

" මට පාළුයි ඔයා නැතිව"

SPARKLES | PJM | FF [COMPLETED]Where stories live. Discover now