03 🥂

258 50 33
                                    

2018 සැප්තැම්බර්
අමීලි study room එකෙන් එළියට ආවේ කනස්සල්ලෙන් . මිනිස්සු මේ තරම් කුරිරු ඇයි. තමන් ගේ මව විජාතික වීම ගැන අමීලි කිසිම දවසක තැවුණේ නෑ. ඒත් තමන් එක්ක එකට ඉගෙන ගන්න අයම මේ විදියට හිත රිදෙන කතා කියයි කියලා අමීලි කවදාවත් හිතුවේ නෑ.

කලින් දවසෙ රෑ, පාටි එකේදි ඇති වුණ කතාබහ නිසා අමීලි අද කලින්ම කැම්පස් එකෙන් යන්න තීරණය කළා. ඒ කතාබහ මත්පැන් නිසා අසිහියෙන් ඇති වුණ එකක්ද, එහෙමත් නැත්තම් හිත්වල තිබුණ සැබෑ සිතුවිලි එළි දැක්වීමක්ද කියලා අමීලිට හිතා ගන්න අමාරු වුණා.

ඒ කතාබහේ සාරාංශය සරලවම ගත්තොත් අමීලි පිරිසිදු ප්‍රංශ ජාතිකයෙක් නොවෙන නිසාත්, ආසියානු සම්භවයක් ඇති නිසාත් අධ්‍යයන කටයුතුවලදි ඇයට මුල්තැන ලැබීම අසාධාරණ බවයි. ගොඩක් හොඳින් ප්‍රායෝගික පරීක්ෂණ කරන අමීලිට lecturers ලා කරන ඇගයීම එයත් එක්කම එකට ඉන්න කිහිප දෙනෙක්ට දරාගන්න අපහසු බව අමීලි දැනගත්තෙත් ඒ වෙලාවෙ.

ඒ ගැන නොතේරුණා වගේ හිටියත් ඒ වචන හිත තදින් හීරුව බව අමීලිට දැනුනා. ඒ වෙලාවේ ප්‍රතිචාර නොදැක්වූවත් අපාට්මන්ට් එකට ගිය ගමන් නාන කාමරේට වැදිලා හිතේ දුක නැති වෙනකල් එයා ඇඬුවා. Primary school, secondary school දෙකෙන් එකකදිවත් අමීලිට මේ වගේ අත්දැකීමක් ලැබිලා තිබුණේ නෑ. යාළුවෝ කවදාවත් දෙමව්පියන්ගෙන් අමීලිව මැන්නේ නෑ.

ඒත් collage එක හිතුවට වඩා වෙනස් බව අමීලිට තේරුනේ එදා.

නින්දක් නැතුවම දුකින්ම රැය පහන් කළ අමීලි, ඊළඟ දවසේ assignment submission එක කරන්න ඕනෙ නිසා කැම්පස් එකට යන්න හිත හදාගත්තා.

උදේ යන අතරෙත් අමීලි ඒ ගැන කල්පනා කළා. මගෙ දෙමව්පියෝ වෙනස් වුණා නම් මේ තත්ත්වය වෙනස් වෙයිද... මගේ කොණ්ඩේ වෙනස් වුණානම්, අම්මා ආසියාතික නැතුව ඇමරිකන් වුණා නම්... මේ විදියට හිතන්න හිතන්න අමීලිට තමන් එක්කත් තරහක් ඇති වෙන්න ගත්තා. මම වෙනස් කෙනෙක් වුණා නම්, මමත් එයාලා වගේ වුණා නම් කියලා අමීලි දිගින් දිගටම හිතුවා.

මේ තියෙන තත්ත්වය මත ඉදිරි අධ්‍යයන කටයුතු කරන්න study buddy /පාඩම් කරන්න යාළුවෙක්, හොයා ගන්නත් අමාරු වෙයි. එහෙම කෙනෙක් ලැබුණත්, තමන්ගෙන් උදව් අරන් තමන්ගේ සම්භවය ගැන විහිළු කරලා අන්තිමට තමන්ව කොන් කරයි කියන හැඟීම අමීලිට ඇති වුණා.

SPARKLES | PJM | FF [COMPLETED]Unde poveștirile trăiesc. Descoperă acum