ජිමින්ට දැනුනේ තද නිදිමතක් වගේම උදරයේ වේදනාවක්. ඇස් අරින්න කීපවරක්ම උත්සහ කරලා අමාරුවෙන් ඇස් ඇරියත් වටේ තියෙන මැෂින් වල බීප් හඬ විතරයි එයාට ඇහුණේ.
එක පාරටම කීප දෙනෙක් උස් හඬින් කතා කරනවා ඇහුණේ ඒ අතරෙ. නිදිමත නිසා ඒ ගැන ලොකු අවධානයක් දෙන්න ජිමින්ට අපහසු වුණා. එක එක භාෂාවන් කීපයක්ම ඇහුණත් වේදනා නාශක එන්නත් කරන්න ආව නර්ස් කාමරයෙන් පිට වෙලා යද්දි දොරත් වහගෙන ගිය නිසා ඉන් එහාට පැහැදිලි හඬක් ජිමින්ට ඇහුණේ නෑ.
විනාඩි කීපයක් ඇතුළත ආයෙමත් ජිමින්ට නින්ද ගියා.
ඒක ලස්සන හීනයක්.....
Picnic එකක්, vineyard එකේ, oak ගහ යට... රතු පාටයි, සුදු පාටයි කොටු වැටුණ රෙද්දක් එළලා ඒක උඩ finger foods කීපයක් එක්ක, champagne බෝතලයක්...මේවා දිහා බලා ඉන්න අතරෙ ජිමින්ට දැනුනා කරවටා අත් දාලා කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් තුරුල් වෙනවා. ඒ කවුද කියලා සපර්ශයෙන්ම ජිමින් දැනගෙන හිටියා.
"අපි මේක කඩමුද" අමීලින් ජිමින්ගෙ කනට කොඳුරලා එහෙම ඇහුවේ champagne බෝතලය පෙන්නන ගමන්.
" ඔයා දන්නවද champagne වලට වඩා මම ආස දෙයක් තියෙනවා" ජිමින් එහෙම කියලා අමීලිගෙ තොල් සිප ගත්තා. එහෙම විනාඩි කීපයක් ගෙවිලා ගියා. අන්තිමට හිනා වෙවී ජිමින් අමීලි දිහා බැලුවා.
එහෙම බලලා අමීලිගෙ අත තමන් ගෙ අතින් අල්ල ගත්තා.
ඒක හීනයක්, ඒක ජිමින් හොඳටම දැනගෙන හිටියා. ඒත්....
ඒත් කවුරු හරි තමන්ගෙ අතින් අල්ලන් ඉන්නවා ජිමින්ට දැනුනා. නිදිමත ගතිය කලින්ට වඩා අඩු නිසා කීපවරක් උත්සහ කරලා ජිමින් ඇස් ඇරියා.
අමීලි.....
ජිමින්ගෙ අතත් අල්ලගෙනම ඇඳට ඔලුව තියාගෙන අමීලි නිදි....මේක හීනයක්ද, මේක ඇත්තක්ද....
අමීලිට කතා කරන්න හිතුනත් මේ හීනෙන් තමන් ඇහැරෙයිද කියලා ජිමින්ට බය හිතුනා.
දින තුනකට පෙර
සෝල්" අපි හිතුවෙ නෑ ඔයා ඒවි කියලා." ටේහ්යුන්ග් එහෙම කිව්වේ එයගෙ private apartment එකට ආව mini van එකෙන් බැහැලා ලැජ්ජාවෙන් හිනාවෙන අමීලි දිහා බලාගෙන.
ŞİMDİ OKUDUĞUN
SPARKLES | PJM | FF [COMPLETED]
Hayran KurguChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne