මුලින්ම කියවපු, අගය කරපු හැමෝටම ස්තුතියි.
අත් ඇරලා දාලා තිබුණු කවි ලිවිල්ල, කරන දේට බාධාවක් නොවන බවත්,
කවියක් කියන්නේ හැකියාවක් ම නොවන යම් කිසි මනෝභාවයක් බවත් කවියක් ලිවීම කියන එක එදිනෙදා සිතන දේවල් වලින් පොඩ්ඩක් වත් පරිබාහිර දෙයක් නෙමෙයි කියන එක ඔලුවට ගෙනාපු ඒ අරමුණට ත් ස්තූතියි ..මුලින්ම කියන්න ඕනේ,මේ මම සාමාන්යයෙන් කවි ලියන ශෛලිය නම් නෙමෙයි,
මම නිසදැස් ලියලා තිබුනේ ඉතාම අඩු ප්රමාණයක්.
එලිසමය ගලපපු සිව් පද ආකෘතියෙන් තමයි මම අවුරුදු නමයක් පුරාවට කවි ලිව්වේ..
සම්භාව්ය වචන ම වගේ තිබුනු ඒවාගේ ප්රධාන ම වෙනස වුනේ කවි වලට ගත් අරමුණු සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් වීම.ඒත් ජීවිත දර්ශනය යම් තැනක වෙනස් වුන විටක දී ඒ දෙය කවි ලිවීමේ අර්ථය ට වගේම ශෛලියටත් ගොඩක් බලපෑවා,
ගත් අරමුණු බොහෝ දුරට මනුෂ්ය සිත කියන දෙය සමග ගොඩනැගුනු ඒවා වූ අතර භාෂාව භාවිතය ඉතා සරල වුනේ සාහිත්ය රසකින් ඔබ්බට ගොස් කිවිය යුත්ත ඉලක්ක ගත කිරීමේ උවමනාව නිසාම වෙන්න ඇති...අන්තර්ගතය තුල ඇතැම් ඒවා පුද්ගලික අත්දැකීම් වන අතර,ඇතැම් ඒවා දැන අඳුනා ගත් ඇතැම් චරිත පිලිබඳවයි.ඒ චරිත අතර මාව දන්නා,නොදන්නා,හොඳින්...ම දන්නා,මනක්කඃල්පිත,ජීවී,අජීවී චරිත මෙන්ම ඇතැම් සංකල්ප, සිතිවිලි, හැඟීම්, අරමුණු, කරුණු වලට ජීවත්වයක් ආරෝපණය කල තැන් ද නොතිබුනා නොවේ.
සති දෙකක් වැනි සුලු කාලයක් තුල ලියැවුණු මේ කවි කිසිවක් පොතක් තුලට ගැනීමේ අරමුණකින් ලියවුනේ නැහැ.සියල්ලම ලියවුනේ හුදු ආත්ම සංතෘප්තිය ට පමනයි.
ඉදිරියට කවි ලියැවුනොත් එකතු කිරීමේ කුඩා අදහසකින් ongoing පොතක් ලෙස මෙය තබන්නට අදහස් කලා.
දිගු කාලීනව කවි ලිවීම ගැන නම් කිසිදු අදහසක් නෑ.මේ සමගාමී ව Emptiness නමින් ඉංග්රීසි භාෂාවෙන් ද පොතක් ලියූ අතර ඒ ඇතැම් කවි මේ පොතේ පරිවර්තන ලෙසත් ඇතුල් කරන්න සිතුවා.
අවසානය ට ඕනම අගය කිරීමක්, චෝදනාවක්, අවවාදයක්, උපදෙසක් එක සිතින් බාර ගන්නා බවත් කියන්න කැමතියි.
ස්තූතියි,
_Thiz sen
_2001
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...