මා තුල
යක්ශයා
සිටින බව
දනිමි,
යක්ශයා පිලි ගැනුම
අවැසි බව
දනිමි,
පිලිගතිමි,
නමුත්,
යක්ශයා ගෙන් මිදීමට
තැත් කිරීමම
පවා
ස්වභාවිකත්වයට පයින් ගැසූ
අස්වාභාවික,
විකෘතික
පරිපූර්ණ මිනිසකු
වීමට
තැත් කිරීමකැ'යි
කරන
ඔබගේ
අභූත චෝදනා...
ඉවතලමි,මම,
හොද නරක
තුලිත කරන්නට
උපන්,
Ying-yang නොවෙමි,
යක්ශයා ,
ඔබට දායාදයක් නම්,
මට විකල්පයකි...මම දන්නා
Accept yourself
යනු,
ඇග ඇතුලේ
යක්ශයා
දෙවියා සමග
තුලිත කිරීම
නොවන බව
පමනක්
දනිමි....
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...