chapter 03

2.7K 437 120
                                    

"කිම් ටේහ්‍යුන්!"

ඒ හඩට අඩ නින්දක හිටපු ටේහ්‍යුන් ගැස්සිලා ඇහැරුනා. ඩෙස් එකට තියන් ඉදපු ඔලුව හිමින් හිමින් ටේහ්‍යුන් උස්සලා බලනකොට ජන්කුක් එක එල්ලෙ ටේහ්‍යුන් දිහා බලාගෙන!

"ජන්කුක්.. සර්"

ටේහ්‍යුන් ජන්කුක් දිහා බලන් ගොත ගැහුවා. ටේහ්‍යුන්ට ජන්කුක් ගැන කොයි මොහොතකවත් බයක් දැනුනෙ නෑ. ඒත් මේ වෙලාවෙ ටේහ්‍යුන් අතින් උනේ වරදක් වගේම ජන්කුක් කියන්නෙ එයාගෙ ගුරුවරයා.

"අද හවසට පැය දෙකක් detention" ජන්කුක් ආයෙත් බෝඩ් එකට අවදානය යොමු කරද්දි ලොකු හුස්මක් පාත දාපු ටේහ්‍යුන් ඩෙස් එක උඩින් ඔලුව තියාගෙන ආයෙත් එයාගෙ ඇස් දෙක පියාගත්තා.

හරියටම මාසයක්! හරියටම මාසයක් තිස්සෙ ටේහ්‍යුන් රෑට රෑට ජන්කුක්ව ක්ලබ් එකේදි දකිනවා. හැම රෑකම වගේ ජන්කුක් ක්ලබ් එකට එන කා එක්කම හරි රූම් එකකට යන එක ටේහ්‍යුන්ට මේ වෙද්දි සාමාන්‍ය දසුනක්!

ඒත් පහුවදා උදේට ආයෙත් ජන්කුක් කිසිදෙයක් නොවුන ගානට කොලේජ් එනවා. ඒ වගේම ජන්කුක් කියන්නෙ කොලේජ් එක ඇතුලෙදි ගොඩක් අහංකාර තමන්ගෙ තත්වෙ රැකගෙන ඉන්න කෙනෙක්!

ක්ලබ් එකේදි ටේහ්‍යුන් එක්ක කිට්ටුවෙන් කතාබහ කලත් ජන්කුක් කොලේජ් එකේදි ටේහ්‍යුන්ට සැලකුවේ සාමාන්‍ය ලමයෙක් ගානටමයි... ඒ වගේම මුල් දවස් වල ජන්කුක්ගෙ තිබුන කලබලකාරී ගතියත් දැන් ටේහ්‍යුන් ලගදි පේන්න තිබුනෙ නෑ.

Of course! He managed his fucking emotions!

මොකද ජන්කුක් strong! එයාට එහෙම කොලේජ් බෝයි කෙනෙක් ඉස්සරහ weak වෙන්න බෑ.. එතකොට ඇතුලෙන්? Oh! හිතන්න එපා!

ජන්කුක් ගැන ටේහ්‍යුන්ගෙ හිතේ එකම එක ප්‍රශ්නයක් තිබුනා. Is he a whore?! ඒත් ටේහ්‍යුන් ඒක ගැන හිතන්න වත් හොයන්න වත් එයාගෙ කාලෙ නාස්ති කලේ නෑ. ටේහ්‍යුන්ට එයාගෙ කාලෙන් කරන්න ඕනි තරම් වැඩ තිබුනා විතරක් නෙවෙයි එයාට ජන්කුක් ගැන හොයන්න උවමනාවකුත් නෑ! නේද?
.
.
.
.
"මේ පේපර් එක දැන් කරලා මට දෙන්න"

හවස ලමයි ක්ලාස් රූම් එකෙන් ගිහින් ටික වෙලාවකින් ජන්කුක් ආවා. ටේහ්‍යුන් ජන්කුක් එනකන් ඉස්සරහ පේලියේ පුටුවකට වෙලා බලන් හිටියා. ජන්කුක් ටේහ්‍යුන්ට දීපු පේපර් එක ටේහ්‍යුන් කරන්න ගත්තම ජන්කුක් ගිහින් එයාගෙ පුටුවෙන් වාඩි උනා.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now