chapter 38

2.4K 388 131
                                    

ජන්කුක් එක්ක ටේහ්‍යුන්ගෙ ගෙදර සතියක් විතර හිටපු මින්ජුන් සතියක් අවසානෙ ආයෙම ඇමරිකා ගියා.. නිකන් නෙවෙයි කොරියාවෙ තිබුනු එයාගෙ බිස්නස් ඔක්කොමත් ජන්කුක්ගෙ නමට පවරලා.. තනි කෙනෙක් උන එයාට මොකටද ඔය හැටි සල්ලි..

ජන්කුක් අකමැති උනත් මින්ජුන් ඒ දේවල් බලෙන්ම පැවරුවේ ඒවගෙ වගකීමත් ටේහ්‍යුන්ට බාරදීලා.. මොකද ජන්කුක් කවදාවත් මින්ජුන්ගෙ බිස්නස් වලට ආස උන කෙනෙක් නෙවෙයි! ඒත් මින්ජුන්ට හිටපු එකම දරුවා විදියට ඒ දේවල් රැකගන්න එක එයාගෙ වගකීමක් කියල දැනගෙන හිටපු ජන්කුක්ට සිද්ද උනා අකමැත්තෙන් උනත් මින්ජුන්ගෙ ඉල්ලීමට එකඟ වෙන්න..

ඉතින් ඒකට පින් සිද්ද වෙන්න ටේහ්‍යුන් දැන් මාසයක් තිස්සෙ ඔෆිස් යනවා.. මාෆියා වැඩ වලට කොහොමත් අකමැති එයා ඒවගෙ බලතල ඔක්කොම සම්පූර්ණයෙන්ම නම්ජූන්ට පැවරුවේ නම්ජූන්ගෙ බලවත් අකමැත්ත පිට..

ඒත් නම්ජූන්ටත් සිද්ද උනා දේහ්‍යුන් වෙනුවෙන් ඒ දේවල් රැකගන්න.. කොහොම උනත් හැමදාමත් ටේහ්‍යුන්ගෙ තැන ටේහ්‍යුන්ට තිබුනා.. නම්ජූන් ඒක ඒ විදියට සිද්ද වෙන්න වගබලාගත්තා..

ඔය දේවල් ඔහොම වෙනකොට ජන්කුක් දවල් දවස යේරි එක්ක ගත කරන්න පුරුදු උනා.. යේරිට මහන්සි වෙලාවට මීරා නැත්තම් අජුම්මා අනිවාර්යයෙන් ජන්කුක් ලග රැදෙන එක දැන් වෙද්දි පුරුද්දට ගිහින්..

ජන්කුක් මීරාට වඩා අවුරුදු දෙකකින් වැඩිමහල් උනත් මීරා ජන්කුක්ටත් ටේහ්‍යුන්ට වගේම සලකන්න ගත්ත එකෙන් ජන්කුක් පුරුදු උනා මීරාට නූනා කියන්න!

ගොඩක් වෙලාවට ජන්කුක් ජින් එක්ක කිචන් එකේ වැඩත් කරනවා.. ගෙදර ඉන්න ගොඩක් අයට කෑම හදන්න ජින් මහන්සි වෙන නිසා යේරිගෙත් ටේහ්‍යුන්ගෙත් කෑම හදන්න ජන්කුක් බාරගත්තා.. ඔය වෙලාවට මැදින් පනින මීරාත් ජන්කුක්ගෙ රස කෑම කන්න ඔට්ටු වෙන වෙලාවල් නැතුවම නෙවෙයි.

අදත් එහෙම දවසක්.. හවස 4 විතර වෙද්දි කිචන් එක පැත්තට ආව ජන්කුක් ඔක්කොටම කලින් ඒප්‍රන් එක ඇග වටේ දවටගෙන වැඩ පටන් ගත්තා.. ඒත් එයා අද පැයක්ම කලින්!

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now