chapter 13

2.6K 440 210
                                    

This love is difficult, but it's real
Don't be afraid, we'll make it out of this mess

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
************************************************

"හියුන්ග්!!!!!!!!!!!!!!!!!!"

අව්ල් උන කොන්ඩෙ, රතුවෙලා බාගෙට පියවුන ඇස්, නලල දිගේ පහලට බේරෙන දාඩිය බිංදු, තනියම තමන්ටම මුමුනගන්න ඉදිමුනු දෙතොල්!

ටේහ්‍යුන්ගෙ ඇස් ජන්කුක්ගෙ මූනෙන් පහලට ඇදුනා.

බාගෙට ලිහිල් වෙලා බෙල්ලෙ එල්ලෙන ටයි පටිය, බොත්තම් දෙකක් ඇරුනු පොඩි උන ශර්ට් එක. ජන්කුක් තාමත් ඉන්නෙ උදේ කොලේජ් යන්න ඇදපු ඇදුම් පිටින්!

ඒ වගේම ජිමින්ගෙ අත් ජන්කුක්ගෙ ඉන වටෙන් ගිහින් හයියෙන් ජන්කුක්ව එයාට වාරු කරගෙන හිටියෙ නැත්තම් අනිවාර්යයෙන් ජන්කුක් බිම පතබෑවෙනවා කියල තේරුම් ගන්න ටේහ්‍යුන්ට වෙනම සූත්‍ර ඕනි උනේ නෑ.

"මට මේ හරක් නාම්බව ඇතුලට ගන්න උදව් කරන්න ටේහ්‍යුන්, මූ ගල් ඉබ්බො ගිලලා වගේ බරයි" හොදටම හති දාන ජිමින්ගෙ මූන බලපු ටේහ්‍යුන් ඉක්මනින් ජන්කුක් ලගට ලං උනා.

ටිකක් බිමට නැවුන ටේහ්‍යුන්ගෙ අතක් ජන්කුක්ගෙ කොන්ද යටින් වගේම අනිත් අත ජන්කුක්ගෙ දණිස් යටින් යද්දි ජිමින් එයාගෙ ග්‍රහණය ලිහිල් කලා.

ඒ එක්කම ටේහ්‍යුන් එයාගෙ අත් අතරට ජන්කුක්ගෙ සම්පූර්ණ බර අරන් හරහට උස්සගත්තම ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත් දාලා තදින් ටේහ්‍යුන්ව බදාගත්තා.

"බේබි.. මයි බේබි.." ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ සුවදට ඉව අල්ලන ගමන් ජන්කුක් ඇහෙන නෑහෙන ගානට මිමිනුවෙ එහෙම.

හරියට මෙච්චර වෙලා හොයපු උණුහුම ජන්කුක්ට ලැබුනා වගේ.

විස්කි බෝතලේකින් හොද හැටි මත් වෙලා හිටපු ජන්කුක්ට තවත් මත් වෙන්න පුලුවන් ද කියන එක ගැටලුවක් උනත් ටේහ්‍යුන්ගෙ උණුසුම , ටේහ්‍යුන්ටම ආවේණික ඒ සුවද ජන්කුක්ව තවත් මත් කලා.

ඉක්මනින් ලිවින්ග් රූම් එකේ තිබුන සෝෆා එක ලගට ආව ටේහ්‍යුන් ජන්කුක්ව පරිස්සමෙන් ඒ මත හාන්සි කලා.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now