chapter 15

2.9K 462 293
                                    

"හියුන්ගී" ඉනේ දැවටිලා තිබුන බ්ලැන්කට් එක පපුවට වෙනකන් ඇදගත්ත ටේහ්‍යුන් ජන්කුක්ගෙ පැත්තට හැරුනා.

ජන්කුක් හිටියෙ ෆෝන් එක අස්සට මූන ඔබාගෙන මොකක් හරි ලොකු වැඩක.

"ම්ම්ම්ම්" ටේහ්‍යුන් කතා කලත් ජන්කුක් ෆෝන් එකෙන් ඇස් අහකට ගත්තෙ නෑ.

"මොකද්ද අනේ කරන්නෙ ඕක අස්සට රිංගගෙන" ටේහ්‍යුන් බබෙක් වගේ ජන්කුක්ගෙ පැත්තට තව ටිකක් ඇදේ බඩගෑවා.

"මං අද නිවාඩුවට බෝගම් සර්ට මොකක් හරි කියන්න ඕනි බේබි.." ජන්කුක් ආයෙත් පාරක් ප්‍රින්සිපල් ඔෆිස් එකේ land number එක ඩයල් කලා. ඒත් ඒ පැත්තෙන් උත්තරයක් නෑ.

බෝගම්ගෙ personal number එක තිබුනත් ජන්කුක් ඒකට කෝල් කරන්න කැමති නෑ..

ෆෝන් එක කොට්ටෙ යටට විසිකරපු ජන්කුක් බුම්මගෙන ඉන්න ටේහ්‍යුන්ගෙ පැත්තට හැරුනා.

"මොකද දැන් මගෙ බේබි මූන බෙරි ගෙඩියක් කරගෙන ඉන්නෙ" ජන්කුක්ගෙ සිනිදු අත ටේහ්‍යුන්ගෙ පපුව වැහුන බ්ලැන්කට් එක ඉනට වෙනකන් පහත් කලාම ටේහ්‍යුන් ඇස් කොනින් ඒ දිහා බලලා ආයෙත් ජන්කුක් දිහාට මුන හැරෙව්වා.

"දැන් එතකොට මමත් කොලේජ් ගියේ නැති එකට මොකක් හරි කියන්න ඕනිද බෝගම් සර්ට" ටේහ්‍යුන් ජන්කුක්ට රැව්වෙ ඇයි කියල ජන්කුක් නම් දන්නෙ නෑ.

"අනේ පිස්සෝ.. ලමයි වගේ නෙවේ ගුරුවරු.. අපිට එහෙම හිතුන හිතුන වෙලාවට නිවාඩු දාන්න බෑ කලින් කියල පර්මිශන් ගන්න ඕනි ඒකට"

"හුහ්" ටේහ්‍යුන් ආයෙත් රැව්වා. තව ටිකක් සැරට!

"බලාගෙන ඔය හුරතල් කොටි මූන ඇදවෙයි මට රවලා" ජන්කුක් හිනාවුනේ ටේහ්‍යුන්ගෙ උල් නහය මුදුන ඇගිලි දෙකකින් මිරිකලා අදින ගමන්.

"වැඩේමයි මට රව රව ඉන්න"

"මොකද්ද දන්නෙ නෑ එහෙනම් කරන්නෙ ඔය.. හා හා දැන් නැගිටින්න උදේටවත් කාලා නෑ තාම දවල් වෙන්නත් කිට්ටුයි දැන්" ජන්කුක් බෙඩ්ශීට් එක ඇදගෙනම ඇදෙන් නැගිටින්න හැදුවත්,

"උහ්හ්හ්" කකුල් දෙක බැලන්ස් නැති උන ජන්කුක් ඇදෙන් වැටෙන්න යද්දි ඉක්මන් උන ටේහ්‍යුන් ජන්කුක්ව හයියෙන් අල්ලගත්තා.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now