chapter 39

2.8K 385 198
                                    

"ම්හ්ම්ම්"

වේගෙන් සිපගන්න තොල් දෙක එක පාරක් අතෑරිය ටේහ්‍යුන් ආයෙම ඒ තොල් දෙක එයාගෙ තොල් වලින් රලුව අල්ලගෙන සිපගන්න ගත්තම ජන්කුක්ගෙන් පිටවුන පලවෙනි කෙඳිරිල්ල ටේහ්‍යුන්ගෙ තොල් අතරෙම හැංඟිලා ගියා..

ජන්කුක්ට හරි අදහසක් තිබුනෙ නෑ එයා කොයි මොහොතෙ කොයි විදියට කාර් එක ඇතුලට ආවද කියනෙක.

ඒත් මේ දැන්... සමහරවිට ටික වෙලාවක ඉදන් එයා හිටියෙ ටේහ්‍යුන්ගෙ කාර් එකේ පිටිපස්සෙ ශීට් එකේ ඇලවෙලා.. ටේහ්‍යුන් හිටියෙ එයාගෙ ඇග උඩ !

ජන්කුක්ට අන්තිමට හරියටම මතක එයා අයිස්ක්‍රීම් එකකුත් අතේ තියාගෙන බංකුවකින් වාඩි වෙලා ටේහ්‍යුන්ට එයාගෙ හිතට වද දෙන ප්‍රශ්නෙ කිව්වා කියනෙක විතරයි.

"බේබි... ඔ.. ඔයා දැන් මාත් එක්ක ඉන්නෙ නැත්තෙ... මං.. මං එයාලා එක්ක හිටපු නිසාද.. එයාලා ම්..මාව ගොඩක් පාවිච්චි කරපු නිසා ඔයාට මාව දැන්.. අ..අප්පිරියයිද?"

"ෆක්" ඒ එක්කම කටින් සාපයක් පිටකරමින් ටේහ්‍යුන් දෙපාරක් නොහිතම ජන්කුක්ගෙ තොල් වලට බර උනා. ජන්කුක්ගෙ ඇස් එකපාරම උන දෙයින් පුදුම වෙලා විසල් උනත් එයා ටේහ්‍යුන්ව නැවැත්තුවේ නෑ.

ඊලග විනාඩි කිහිපයේ ජන්කුක්ට දැනුනෙ එයා අවකාශයේ පාවෙනවා හා සමාන හැඟීමක්.

හීනි දිග ලා දුඹුරු පැහැ උන තොල් දෙකක් ඒ පිරුනු , බාගෙට ඉදුනු චෙරි පැහැ දෙතොල් ඒ තොල් වලින් අල්ලගෙන නිමාවක් නැතුව වේගෙන් උරමින් හිටියා.. අවසානයක් පේන තෙක් මානෙක ජන්කුක් දැක්කෙ නෑ.. අවසානයක් දකින්න ජන්කුක්ට උවමනා උනෙත් නෑ..

අතේ තිබුන අයිස්ක්‍රීම් වලට මොකක් උනාද කියල හරිහැටි අදහසක් නොතිබුන ජන්කුක්ට එයා අතේ අයිස්ක්‍රීම් එකක් තිබුන බව මතකද කියලත් ඇති වෙන්නෙ සැකයක් !

ඉතින් ඒ විදියට ආව ජන්කුක් , ආවෙ කොහොමද කියලවත් අදහසක් නැතුවම ටේහ්‍යුන්ගෙ කාර් එකේ බැක් ශීට් එකේ ටේහ්‍යුන්ගෙ ඇගට යට වෙලා ආවේගකාරි සිපගැනීමක් ගැඹුරින්ම විදිමින් හිටියා.

දැනටම සැලකිය යුතු විනාඩි ගනනක් ගෙවිලා තිබුනත් ටේහ්‍යුන් තවමත් ලෑස්ති නෑ හාදුවෙ අවසානයක් දකින්න..

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now