chapter 25

1.9K 370 240
                                    

"පුන්චි මහත්තයා" කාමරයට ඇතුල් උන ජැනට් වෛරයෙන් දිලිසෙන ජන්කුක්ගෙ දෑස් දිහා බලාගෙන සමච්චල් සහගත හඩකින් කියනකොට ජැනට්ගෙ පස්සෙන් කාමරයට ඇතුල් උන බෝගම් ඇතුලෙන් දොර වහලා දැම්මා.

බෝගම්ගෙ මූනෙ තිබුනෙත් ජැනට්ගෙ වගේම සමච්චලය මුහු උන සිනාවක්. ජන්කුක්ගෙ ඇග දිගේ නහරයක් ගානට ලේ රත් වෙන්න ගත්තා.

"ත..තමුන්" දෑත් මිටි කරගෙන මුමුණන ජන්කුක්ගෙන් පිටවෙන වචන පවා පැටලෙන්නෙ ජන්කුක්ගෙ කේන්තියට සාක්ශියක් වෙමින්.

"ගොඩක් දවසකින් නේද පුන්චි බේබි.. ආස නැද්ද ආයෙත් සෙල්ලම් කරන්න" ජන්කුක් හිටියෙ කාමරේ මැද හිටගෙන. ජැනට් හිමින් හිමින් ජන්කුක්ගෙ ලගට ලං උනා.

මේ වෙද්දි පැත්තක හිටගෙන හිටපු බෝගම් අත් දෙක පපුව හරහා බැදගෙන මේ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්. ඒ ඇස් තණහාවෙන් දිලිසුනා. ජන්කුක්ගෙ ඇගට තිබුන තණ්හාව!

"එන්නෙපා ලගට" ජන්කුක් උත්සාහ කලේ නෑ පස්සට යන්න.. ඒ වෙනුවට ඇදුමෙ හංගන් හිටපු පුන්චි පිහියක් ගත්ත ජන්කුක් ඒක ජැනට්ගෙ පැත්තට දික් කලා.

ඔව්! ජන්කුක් අනුමාන කලා වෙන්න යන දේ.. ඒකට සූදානමෙන් තමයි ජන්කුක් ආවෙ.. පැනලා යන්න බැරි උනත් එයාවම ආරක්ෂා කරගන්න තරම් ජන්කුක් අද ශක්තිමත්!

ජන්කුක්ගෙ හදිසි ක්‍රියාවෙන් ජැනට්ව ගැස්සිලා ගියා. ඒත් පැත්තක ඉදන් මේ හැමදේම රසවිදමින් හිටපු බෝගම් සද්දෙන් හිනාවෙන්න ගත්තා.

ජැනටුත් ජන්කුක්ත් දෙන්නම පුදුමෙන් බෝගම් දිහාට හැරෙනකොට,

"ඔහ් බේබිබෝයි.. ඔයා හරි බ්‍රේව්නෙ" ආයෙමත් බෝගම් හිනාවෙන්න ගත්තා. එක තනිකරම වියරු වැටුන හිනාවක්. ජන්කුක්ගෙ හිත ආයෙත් නරක හැගීම් ගොඩකින් පිරිලා ගියේ බෝගම්ගෙ හිනාවෙ යටි අරුත හොදක් නෙවෙයි කියල ඉවෙන් වගේ එයාට තේරුන නිසා.

ජන්කුක් විතරක් නෙවෙයි ජැනට් පවා මේ හිනාවෙන් පුදුම වෙලා. සමහරවිට ස්ක්‍රිප්ට් එකේ මෙහෙම කෑල්ලක් කලින් සදහන් වෙලා තියෙන්න නැතුව ඇති!

"බෝගම්?" ජැනට් කතා කලේ එක ඇහිබැමක් ඔසවගෙන.

"මදර් ඉන් ලෝව්... බලන්නකො ඔයාගෙ චූටි පුතා කොච්චර බ්‍රේව් ද කියල.. මමාටම පිහියක් දික් කරන්න තරම්" බෝගම් ආයෙම පිස්සෙක් වගේ හිනාවුනා.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now