chapter 29

2K 407 246
                                    

අඩි ගානක් විතරක් දුරින් තිබුන කාර් එක ලගට එන්න ටේහ්‍යුන් සැලකිය යුතු වෙලාවක් ගත්තා.

ඒත් ඒ වැඩි උන තප්පර ගාන බෝගම්ගෙ ජීව්තේ ගෙවුන බයානකම තප්පර කීපය වෙන්න ඇති.. කාර් එක ඇතුලට වෙලා මරණ බයේ ගැහෙමින් හිටපු බෝගම්ට අමාරුවෙන් උඩට ගන්න හුස්මත් ගන්න අමතක උනේ ටේහ්‍යුන් ඇවිත් ඩ්‍රවියින් ශීට් එක ලගින් නවතිද්දි..

ටේහ්‍යුන්ගෙ අතේ තිබුන පොරොවට තිබුනෙ බය හිතෙන පෙනුමක්.. තියුණු තලයක්.. ඒත් පොරොව අල්ලන් හිටපු මනුස්සයට තිබුනෙ ඊටත් වඩා බය හිතෙන පෙනුමක්.. තියුණු ඇස් දෙකක්!

භයානකයි!
නිදන් ඉන්න කොටි ඇහැරවගන්න එපා කියන්නෙ ඒකයි!

බෝගම් ඒ විදියට මරණ බයේ ගැහෙනකොට ටේහ්‍යුන් නම් හිටියෙ මේ වෙන දේවල් වලින් හොදට විනෝද වෙන ගමන්.. එයා තාමත් කිසිම දෙයක් නොකරත් එයාගෙ ප්‍රතිවාදියා දැනටම පන බයේ ගැහෙන්න අරන්!

එයා විනෝද වෙනවා!
ඇත්තටම ඒක එහෙම වෙනවද...
ඔව්... ඒක එහෙම පේනවා.. ඒත් ටේහ්‍යුන්ගෙ යටි හිතින් ඇහුවොත් කවුරුහරි.. එයා මේ දේවල් වලට කැමතිද කියල.. එයා ඔයාලට කියයි එයා කොයි තරම් මේ ජීව්තේට වෛර කරනවද කියල! එයාට හොද හේතු තියෙනවා ඒකට වෛර කරන්න..

ඒත්,
එයා මේ ජීවිතෙන් ඈත් වෙලා සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඉන්න හදනකොට එයාගෙ වටේ ඉන්න මිනිස්සුම එයාව ආයෙත් ඒ ජරා ගොඩටම ඇදලා දානවා නම්,  ටේහ්‍යුන් මොනා කරන්න ද??

කාර් එකේ බෝගම් ඉන්න පැත්තට ඇවිත් නැවතුනු ටේහ්‍යුන් බෝගම් දිහා බලලා හිනාවුනා.. යක්ශයා හිනා වුනා හා සමාන ඒ හිනාව කොහෙත්ම ජන්කුක් ටේහ්‍යුන්ගෙන් දකින ජාතියේ අහිංසක සුන්දර හුරතල් හිනාවක් නෙවෙයි.

හිනාවෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටපු බෝගම් එක පාරම ඇස් දෙක තද කරලා වහගත්තා. ඒ ටේහ්‍යුන් පොරොව උස්සපු නිසා.. බලාපොරොත්තු උනා වගේම වීදුරු බිදෙන හඩකින් අවට වැහිලා යද්දි බෝගම්ගෙ ඇගට බිඳුනු වීදුරු කටු ගොඩක් වැටුනෙ ටේහ්‍යුන් කාර් එකේ ජනෙල් වීදුරුවට පොරොවෙන් පාරක් ගහද්දි.

එක පාරකින් එයා නැවතුනේ නෑ. තවත් පොරෝ පාරවල් දෙක තුනකින් මුලු වීදුරුවම අයින් කරගන්න ටේහ්‍යුන්ට පුලුවන් උනා. බෝගම් ගැහෙනවා..

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now