chapter 22

1.9K 402 230
                                    

"බේබි.. බේබිට දැනගන්න ඕනි නැද්ද මං අද මේ විදියට ඉන්න හේතුව"

"ඒ කිව්වෙ හියුන්ග්" ජන්කුක් එකපාරම අදහස් කරපු දේ ටේහ්‍යුන්ට තේරුනේ නෑ.

"ඒ කිව්වෙ.. ඔයා හම්බෙනකොට.. මං හිටපු විදිය. මං එහෙම වෙන්න හේතුව! " ජන්කුක් පැහැදිලි කලා. තොල් මත හිනාවක් ඇදගත්ත ටේහ්‍යුන් ජන්කුක්ගෙ මූන දෝතට අරන් ඒ ඇස් දෙකට එබුනා.

"මට මගෙ සින්ඩරෙල්ලගෙ අතීතෙන් වැඩක් නෑ හියුන්ග්.. මට වැදගත් වර්තමානෙ. මට වටින්නෙ ඔයාගෙ අනාගතේ.. එච්චරයි" ටේහ්‍යුන්ගෙ ඇස් පවා හිනාවෙනවා.

ජන්කුක්ගෙ ඇස් වල කඳුලු පිරුනා. මේ තරම් ලොකු ආදරයක් ලබන්න ජන්කුක් සුදුසුද! ජන්කුක් ආයෙ ආයෙම එයාගෙන්ම ප්‍රශ්න කරගත්තා.

"ඒත්.. ඒත් බේබි.. මට ඔයාට ඒ හැමදෙයක්ම කියන්න ඕනි.. මට මගෙ හිත නිදහස් කරගන්න ඕනි. මං බේබිව ඔම්මා ලගට එක්කන් ආවෙ මට තනියම ඒ දේවල් කියන්න ශක්තියක් නැති නිසා. ඔම්මා මට හයියක් වෙනවා කියල මට විශ්වාසයි.."

ටේහ්‍යුන්ගෙ අත් අතරින් මූන අහකට ගත්ත ජන්කුක්ගෙ ඇස් සොහොන් කොතට යොමුවෙද්දි ටේහ්‍යුන් ආයෙත් කලින් වගේම ජන්කුක්ගෙ ඉනෙන් අල්ලලා ජන්කුක්ව එයාට තුරුල් කරගත්තා.

"කියන්න හියුන්ග්.. මං අහගෙන ඉන්නම්. ඒත් මට පොරොන්දුවක් වෙන්න.. හියුන්ග් අද මෙතනින් ආපහු යද්දි ඒ හැමදෙයක්ම අතීතෙට බාරදීලා එන්න ඕනි.... ආයෙ ඒ දේවල් මතක් කරන්න බෑ.. පොරොන්දු වෙනවද"

ටේහ්‍යුන්ගෙ හඩ ගැඹුරුයි. ඒත් වචනෙන් විස්තර කරන්න බැරි තරම් කාරුණිකයි. ආදරණීයයි. ජන්කුක් අද මේ හැමදෙයක්ම මතක් කරන්නෙ අන්තිම වතාවට.. ඒක ජන්කුක් ටේහ්‍යුන්ට කලින් එයාටම පොරොන්දු උනා. මොකද අද ඉදන් ජන්කුක්ගෙ ජීව්තේ ගෙවෙන්නෙ ටේහ්‍යුන්ගෙ ආදරේ එක්ක. ඉතින් වේදනාකාරි මතක එක්ක ජීවත් වෙන්න ජන්කුක්ට වෙලාවක් නැතිවෙයි...

ටේහ්‍යුන්ගෙ වචන වලට ජන්කුක් හිමින් ඔලුව උඩ පහල කලා.

"මේ හැමදේම පටන් ගත්තෙ මගෙ ලිලී මල මාව දාලා ගිය දවසෙ.........


















𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now