chapter 06

2.5K 435 153
                                    

එක ලග අප්ඩේට් දෙකක් දුන්නෝ🤭 කලින් එක මිස් කරගන්න එපා ඒ නිසා🙂👍

_______________________________________________

ටේහ්‍යුන් හිටියෙ එයාගෙ පුන්චි ඇදේ.. උඩුබැලි අතට ඇලවෙලා කොට්ටෙට ඔලුව තියාගෙන ඔලුවට යටින් අත් දෙක තියන් හිටපු ටේහ්‍යුන්ගෙ ඇස් දෙක යොමු වෙලා තිබුනෙ මකුළුදැල් බැඳිලා තිබුන සිවිලිම දිහාවට.

ඇස් දෙක තිබුනෙ එතන උනත් ටේහ්‍යුන්ගෙ හිත නම් තිබුනෙ හොස්පිටල් රූම් එකක දිලිසෙන ඇස් දෙකක් ඇතුලෙ අතරමං වෙලා...

ඔව්! උදේ උන සිද්දිය දහස් වෙනි වතාවටත් ටේහ්‍යුන්ගෙ ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගත්තා!

FLASHBACK

"BE MY BOYTOY"

"මොකක්" ටේහ්‍යුන්ට හිතාගන්න බැරි උනා. ජන්කුක්ගෙ කටින් පිටවුන ඒ වචනවල තේරුම තේරුම් ගන්න ටේහ්‍යුන්ට එකපාරම බැරි උනත් ඒ වචන තුන ඇහුන හැටියේ ටේහ්‍යුන් ජන්කුක්ගෙ අතක හිරවෙලා තිබුන එයාගෙ අත ජන්කුක්ගෙන් ඇදලා ගත්තා.

"හියුන්ග්.. ඔයා විහිලු කරනවා" ටේහ්‍යුන් හිනාවුනා.

ඒත් ටේහ්‍යුන්ගෙ හිනාවෙන මූන දිහා බලන් හිටපු ජන්කුක්ගෙ ඇස් වල විහිලුවක සේයාවක් වත් නෑ!

ටේහ්‍යුන්ගෙ හිනාව නැවතුනා. එයාට එක මොහොතකට හිතුනා ජන්කුක් කිව්වෙ ඇත්තද කියලත්! මොකද ජන්කුක් කිව්ව දේ නොතේරෙන්න තරම් ටේහ්‍යුන් බබෙක් නෙවෙයි!

"නෑ ටේ.. මං විහිලු කලේ නෑ" ජන්කුක්ගෙ දිලිසෙන ඇස් ජන්කුක්ගෙ වචන වල සත්‍යතාව ටේහ්‍යුන්ට ඔප්පු කලා.

"ඒ..ඒත්..ඒත් හියුන්ග්.. ඔයා මොකක්ද ඒ කිව්වේ" ටේහ්‍යුන් ඇහුවම ජන්කුක් හිනාවුනා. හිනාවෙලා තවත් ටිකක් ටේහ්‍යුන්ගෙ කනට නැවුනත් ටේහ්‍යුන් ජන්කුක්ගෙන් ඈත් උනා. ජන්කුක් ආයෙත් හිනාවුනා.

"Be my boytoy ටේහ්‍යුන්! ඔයා මට ඕනි දේ දෙන්න මං ඔයාට ඒකට ගෙවන්නම්"

හරි! හරියටම ඇහුනා.. මේ පාර කිසි වරදක් උනේ නෑ. ඒත් ජන්කුක් කොහොමද එයාගෙ ශිෂ්‍යයෙක්ට ඒ වගේ කතාවක් කිව්වෙ?

ටේහ්‍යුන්ට ජන්කුක් ගැන කවදාවත් නරක සිතුවිල්ලක් ඇති වෙලා තිබුනෙ නෑ. ලස්සනයි කියල ඇරෙනකොට වෙන දෙයක් හිතන්නත් ටේහ්‍යුන් බය උනා. ඒ නිසාම ටේහ්‍යුන් කේන්ති ගත්තා.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now