chapter 23

1.9K 393 177
                                    

මිස්ට බෝගම් පුතාට යෝජනාවක් ගෙනත්.. එයාගෙ එකම නංගිව අපේ ජන්කුක්ට කසාද බන්දන්න"

"මොකක්" ජන්කුක්ට කෑගැස්සුනා.
ජන්කුක්ගෙ ඇග දිගේ කරන්ට් එකක් ගලාගෙන යනවා වගේ හැගීමක් දැනුනා.

That fucking bitch

ජන්කුක්ට තේරුමක් නෑ බෝගම් මොකක්ද කරන්නෙ හදන්නෙ කියල.. මොකද ජන්කුක් දන්න තරමින් සේහි කැමති ටේහ්‍යුන්ට. බෝගම්ට තමයි ජන්කුක්ව ඕනි උනේ.. සමහරවිට...

ක්ශනිකව හිතට ආව සිතුවිල්ල ජන්කුක්ගෙ ඇගේ ලේ රත් කලා. ඒත් එයා බය වෙන්න ඕනි නෑ.. එයාගෙ ශක්තිය එයාගෙ එහා පැත්තෙන් ඉදගෙන ඉන්නවා.

"ජැනට් හැමදේම ලෑස්ති කරලා.. මං මෙහෙට ආවෙ පුතා කැමති නම් හෙටම මේ මැරේජ් එක කරන්න හිතාගෙන.. සේහි දුවත් ලස්සන කෙල්ලනෙ.." මින්ජුන් දිගටම කතා කරනවා.

මින්ජුන්ට අදහසක් නෑ ජැනට්වත් බෝගම්වත් කරන්න හදන දේවල් ගැන. මොකද මින්ජුන්ට අනුව ජැනට් හොද ස්ටෙප් මාම් කෙනෙක්. බෝගම් වැදගත් බිස්නස්මන් කෙනෙක්.

මින්ජුන් හිතුවෙ ජන්කුක්ගෙ අනාගතේ ගැන විතරයි.. හොඳ පවුලකින් හොද කසාදයක්. ලිලී හිටියා නම් කරන්නෙත් මේකයි කියල මින්ජුන්ට විශ්වාසයි.. අනික ජැනට් හැමදේම ලෑස්ති කරලා. ඕනි ජන්කුක්ගෙ කැමැත්ත විතරයි!

ඒත් මින්ජුන් වැරදියි කියල එයා දන්නෙ නෑ.

"අප්පට පිස්සු හැදීගෙන එනවද" ජන්කුක් කෙලින්ම ඇහුවා.

ඒ එක්කම ජන්කුක්ගෙ ඇස් යොමු උනේ කේන්තිය පාලනේ කරගන්න අත් මිටමොලවගෙන බෝගම් දිහාට වෛරය පිරුනු බැල්මක් හෙලන ටේහ්‍යුන් දිහාට.

ජන්කුක් කාටත් නොපෙනෙන්න හිමින් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගත්තා. අල්ලගෙන මහපටඇගිල්ලෙන් ඒ අතේ පිට අල්ල හිමින් පිරිමදින්න ගත්තේ ටේහ්‍යුන්ව සන්සුන් කරන්න ඕනි උන නිසා.

ජන්කුක්ටත් කේන්තියි තමයි.. ඒත් ටේහ්‍යුන්ව මේ ප්‍රශ්න වලට ගාවගන්න ඕනි නෑ ජන්කුක්ට.

"අපේ කුකී කැමතියි හනී.. බලන්නකො කොල්ලගෙ ඇස් දෙකත් දිලිසෙනවා සේහිව මතක් උනා විතරයි.." ඒ ජැනට්.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now