chapter 34

2K 396 74
                                    

වෙලාව උදේ 9යි.. ටේහ්‍යුන් තාමත් තද නින්දෙ.. හේතුව තමයි මුලු කාමරේම තාමත් රෑ වගේ කලුවර එක.

නින්දෙන්ම එහෙට මෙහෙට පෙරලුනු ටේහ්‍යුන් රෑ එයාගෙ තුරුලට වෙලා නිදාගත්ත සුදු හා පැටියව අත් දෙකෙන්ම බදාගත්තත් ඒ අත් අතරෙ කිසිම කෙනෙක් හිටියෙ නෑ..

දැනුන හිස් බව නිසාම එයා ඉක්මනින් ඇහැරුනා.. දැන් එලිවෙලාද එහෙම නැත්තම් තාමත් පාන්දරද කියල කියන්නත් බැරි තරම් අඳුරු කාමරේ නිසා තවත් කලබල උන එයා ඉක්මනින් කොට්ටෙ යටට අත දැම්මෙ 4න් එක අරන් වෙලාව බලන්න හිතාගෙන.

ඒත් වෙලාව බලන්නත් කලින්ම ටේහ්‍යුන්ගෙ නහයට දැනුන හිතම පිනවන සුවදට පුලුවන් උනා ඒ හීන් දිගු තොල් මතින් ආදරණීය හිනාවක් අඳින්න..

ඒ අනිවාර්යයෙන්ම එයාගෙ සින්ඩරෙල්ලා..  සුවද ගගහා කෑම හදනවා.. වෙලාව බලන්න ගත්ත ෆෝන් එක ආයෙම ඇද උඩට අතෑරපු ටේහ්‍යුන් ඇදෙන් බැහැලා ගිහින් ප්‍රෙශ් අප් වෙලා වෙන ඇදුමකට මාරු උනා..

ඊලගට එයා ගියේ කිචන් එක පැත්තට.. අඩි හඬක් ඇහෙන්නෙ නැති විදියට හිමින් හිමින් ඒ පැත්තට ඇවිදපු එයා කිචන් එකේ එන්ට්‍රන්ස් එක ලග නැවතිලා එයාගෙ ආදරේ උදේ කෑම ලෑස්ති කරන දිහා බලන් හිටියා.

ටේහ්‍යුන්ගෙ මූනෙ තවමත් අර ආදරණීය හිනාව එහෙමම තියෙනවා. ජන්කුක් වැඩ කරනවා කියන්නෙ කාට උනත් බලන් ඉන්න ආස  හිතෙන දසුනක්!

ටේහ්‍යුන්ට නම් ඒ දසුන දිව්‍ය භෝජනයක්!

සුදු අත් වල සිනිදු ඇගිලිවලින් බාජන අල්ලන හැටි, බෝල පස්ස වන වන කිචන් එක පුරා වේගෙන් ඇවිදින හැටි, හදපු කෑම වල රස බලන්න චුට්ටම චුට්ටක් අල්ලට දාගන්න හැටි... කෑමවල  රස හොඳයි නම් නලල රැලි කරන් තොල් උල් කරගන්න හැටි!

අනිවාර්යයෙන්ම ටේහ්‍යුන් ගොඩක්ම කැමති ඒ අන්තිම කොටසට.. ජන්කුක්ට විතරක් ආවේනික, කෑම රස නම් නලල රැලි කරගන්න පුරුද්දට ටේහ්‍යුන් කොයි තරම් පිස්සු වැටිලද කියල ටේහ්‍යුන් වත් හරියට නොදන්නවා වෙන්න පුලුවන්!

මීට මාසෙකට විතර කලින්.. හැමදේම හොදින් තිබුන කාලෙ.. එයා හැමවෙලාවකම මොනවහරි ජන්කුක්ගෙ කටේ ඔබලා ඒ ලස්සන expression එක දිහා ආසාවෙන් බලන් ඉන්නවා..

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now