බෑග් එකට පොත් ටික දාගත්තු ජන්කුක් ඉක්මනින් එයාගෙ පුන්චි ඔෆිස් රූම් එකෙන් එලියට ආවා. දැනටමටත් ටිකක් පරක්කු වෙලා..
මේ වෙද්දි අනිවාර්යයෙන් ටේහ්‍යුන් එයා එනකන් කාර් එක ලග බලන් ඉන්නවා කියල මතක් වෙද්දි ජන්කුක් තවත් ටිකක් එයාගෙ අඩිය ඉක්මන් කලා.
ඒත්,
"ජන්කුක්" පිටිපස්සෙන් ඇහුන කටහඩ යන්න ගිය ජන්කුක්ව පාලු කොරිඩෝව මැද නතර කරගත්තා.
ජන්කුක් දන්නවා ඒ කටහඬ... ඒත් වෙනද නැති කේන්තියක් ඒ හඬට ගැබ් වෙලා තියෙනවා දැනෙනකොට ජන්කුක් ආපහු නොහැරිම තප්පර දෙක තුනක් කල්පනා කලා.
මොකක් වෙන්න පුලුවන් ද හේතුව! දන්න තරමින් ජන්කුක්ගෙ අතින් කොලේජ් එක ඇතුලෙදි වරදක් උනෙත් නෑ..
හම්බෙන්න උවමනාවක් තියෙනවා නම් ජන්කුක්ට ඔෆිස් එකට එන්න කියනවා ඇර එයා මේ විදියට ජන්කුකව හොයාගෙන ඇවිල්ලත් නෑ.
ඒ කොහොම උනත් මූනට බොරු හිනාවක් මවාගත්ත ජන්කුක් ආපහු හැරුනා..
"බෝගම් සර්"
"එන්න මාත් එක්ක" ජන්කුක්ට පුදුම හිතුනා.. බෝගම්ගෙ මූනෙ තිබුනෙ ලොකු තරහක්.. ජන්කුක්ට එන්න කිව්ව බෝගම් ආපහු එයාගෙ කාර්යාල කාමරේ පැත්තට යන්න හැරුනත් ජන්කුක්ගෙ හඩ බෝගම්ව නවත්තගත්තා.
"ඒත් සර්... මගේ වැඩ ඉවරයි. දැනටම පරක්කු වෙලා ඒ නිසා මං යන්න ඕනි" ජන්කුක්ගෙ වචන බෝගම්ගෙ මූනට ගෙනාවෙ සමච්චල් සහගත හිනාවක්..
"ටේහ්‍යුන් ලගට යන්න විනාඩි 10ක් පරක්කු උනා කියල ටේහ්‍යුන් මැරෙන්නෙ නෑ ජන්කුක්.. ඒ නිසා මගෙ කේන්තිය අවුස්සගන්නෙ නැතුව මා එක්ක එනවා"
බෝගම්ගෙ කතාව ජන්කුක්ගෙ ඇගිලි එකට ගුලි කරවද්දි ජන්කුක්ගෙ ඇස් කේන්තියෙන් රතු වෙලා ගියා. ඒත් තවත් ඉවසන්න තීරණය කරපු ජන්කුක්,
"මොකද්ද සර් කියන්න හදන්නෙ"
"ඇයි ජන්කුක්.. ඔයාගෙයි ටේහ්‍යුන්ගෙයි අතරෙ තියෙන සම්බන්දෙ මට නොතේරෙනවා කියල ද තමුන් හිතාගෙන ඉන්නෙ... මට නෙවෙයි ඒක මේ කොලේජ් එකේ ඉන්න හැමෝටම තේරෙනවා. අනික තමුන්ගෙ කෙරුවාවත් මේකෙ ඉන්න අය නොදන්නවා නෙවෙයි නෙ!"
YOU ARE READING
𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊
Fanfiction[English] [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] 𝐈 𝐝𝐨𝐧'𝐭 𝐰𝐚𝐧𝐭 𝐚 𝐩𝐥𝐚𝐲𝐛𝐨𝐲 𝐣𝐮𝐬𝐭 𝐰𝐚𝐧𝐧𝐚 𝐩𝐥𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐁𝐎𝐘𝐓𝐎𝐘 #𝐓𝐨𝐩 𝐓𝐚𝐞 #𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭𝐭𝐨𝐦 𝐤𝐨𝐨𝐤 (𝐓𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐢𝐬 𝐛𝐚𝐬𝐞𝐝 𝐨𝐧 𝐡𝐨𝐦𝐨𝐬𝐞𝐱𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐚...