chapter 05

2.6K 433 82
                                    

අලංකාර විදුලි බුබුලු වලින් ආලෝකමත් වෙලා තිබුන සෝල් නගරයේ ගොඩනැගිලි පිරුනු වීදියක කඩවසම් තරුණයෙක් හිස් අතින් ඇවිදිමින් හිටියා.

ඒ වෙන කවුරුත් නෙවෙයි ටේහ්‍යුන්!

කලිසම් සාක්කු දෙකට අත් දෙකම ඔබාගත්ත ටේහ්‍යුන් apartment එක ලගින් හොයාගත්ත පුන්චි ගල් කැටේකට තාමත් පයින් ගහමින් ඒක කිලෝමීටරයක විතර දුරක් අරගෙන ඇවිත්!

කහ ඉර ලගට ආව ටේහ්‍යුන් මෙච්චර දුරක් අරගෙන ආව ගල් කැටේ pavement එකේ අයිනකට වැටෙන්න ආයෙත් පයින් පාරක් ගහලා පාර මාරු වෙන සංඥාව වැටෙනකන් බලන් හිටියා.

මගී හුවමාරුව පටන් ගන්න තැනම අයිනක සවිකරලා තිබුන උපකරණයේ කොල එළිය පත්තු වෙනකොටම ඉස්සරහින් පේන ක්ලබ් එක දිහා බලලා බර හුස්මක් පාත හෙලපු ටේහ්‍යුන් එහා පැත්තෙ pavement එකට අඩිය තියනවත් එක්කම එයාට දැනෙන්න ගත්තෙ කලින් දවසෙ මේ වගේම දැනුන කැරකැවිල්ල.

ඉක්මනට ලග තිබුන අත්වැට අල්ලගත්ත ටේහ්‍යුන් එයා වැටෙන්න කලින්ම අත්වැටට වාරු වෙලා වලලුකරට බර දීලා ඉදගත්තා.

"ටේහ්‍යුන්... මොකද මේ" ටේහ්‍යුන් බිම ඉදගෙන ගෙවුන විනාඩි දෙකකට විතර පස්සෙ සිනිදු අත් දෙකක් ඇවිත් ටේහ්‍යුන්ගෙ උරහිස් ඇල්ලුවා. ඒත් එක්කම ටේහ්‍යුන් ඔලුව ඉස්සුවා.

"සේහි!" ටේහ්‍යුන් පුදුම උනා. ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි පාර්ක් සේහි. පාර්ක් බෝගම් ඒ කියන්නෙ ටේහ්‍යුන්ගෙ කොලේජ් එකේ ප්‍රින්සිපල්ගෙ එකම නංගි.. සේහි කියන්නෙ ටේහ්‍යුන්ගෙ ක්ලාස් මේට් කෙනෙක්!

"ඔව්! සේහි තමයි.. මොකද මේ පාර මැද බිම ඉදගෙන කරන්නෙ" සේහි ඇහුවෙ සැරෙන්. සැරෙන් ඇහුවත් ටේහ්‍යුන්ගෙ උරහිස් වලින් අල්ලන් හිටපු සේහි ටේහ්‍යුන්ට නැගිටින්න උදව් කලා.

"උම්ම්... පොඩි කැරකැවිල්ලක් වගේ ආවා සේහි.."

"හරි.. කොහෙටද ඔයාට යන්න ඕනි කියන්න කො මං ගිහින් දාන්නම්" සේහිගෙ වදවෙන මූන දිහා බලාගෙන ටේහ්‍යුන් අපහසුවෙන් හිනාවුනා. ඔලුවෙන් දැනෙන වේදනාවත් එක්ක හිනාවෙන්න ඇත්තටම අමාරුයි!

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now