chapter 33

2.1K 385 147
                                    

සති තුනක් පරණ සොහොන් කොත ඉස්සරහ බිම දණගහගෙන තනියම කල්පනා කරන ටේහ්‍යුන් දිහා ඈතට වෙලා බලාගෙන හිටියෙ ජින්..

ටේහ්‍යුන්ගෙ මේ කඩාවැටීම ජින්ගෙ ඇස් වලටත් කඳුලු පුරවලා. ජින් විතරක් නෙවෙයි යේරි, නම්ජූන්, මීරා, අජුම්මා පවා ටේහ්‍යුන්ගෙ මේ හැසිරීම දිහා බලාගෙන හිටියෙ වේදනාදෙන හදවතෙන්..

ඒ හැමෝගෙම වස්තුව ටේහ්‍යුන්!

දේහ්‍යුන්ගෙ සොහොන් කොත මන්දිරේම පැත්තක තිබුනු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරලා තිබුනායින් ටේහ්‍යුන් සම්පූර්ණ දවසක්ම එතනට වෙලා ඔහේ කල්පනා කලා..

එයාව හොස්පිටල් එකෙන් ගෙදර එවලා දැන් හරියටම දවසක්.. කැම නොකා ඔය විදියටම හිටියොත් ටේහ්‍යුන් තවත් දුර්වල වෙනවා කියල හැමෝම දැනගෙන හිටියත් හිතුවක්කාර ටේහ්‍යුන්ට කෑම ටිකක් කවන්න පුලුවන් කෙනෙක් ඒ අතරෙ හිටියෙ නෑ.

තවත් ටිකක් වෙලා ඈත ඉදන් මේ දිහා බලාගෙන හිටපු ජින් හිමින් හිමින් ටේහ්‍යුන්ට ලං උනා..

"මට සමාවෙන්න අප්පා.. මං පරාදයි.. හොදටම පරාදයි! "
ජින් එයාට පිටුපාලා ඉන්න ටේහ්‍යුන්ව ඇහෙන නෑහෙන තරම් දුරින් නැවතුනා.. පුන්චි එකා අඩනවා.. ටේහ්‍යුන්ට දෙන්න ගෙනාව ෆෝන් එක ජින්ගෙ අත්ලට හිර උනේ හදවතේ වේදනාව ඒකෙන් පිටකරන්න හදනවා වගේ.

"මට මගෙ ඔම්මව හරියට බලාගන්න බැරි උනා.. මට මගෙ ආදරේ රැකගන්න බැරි උනා. අන්තිමට... ඔයාවත් මං නැතිකරගත්තා... ම්..මට සමාවෙන්න අප්පා. නෑ එපා.. ඔයාට පුන්චි කාලෙ ඉදන් වෛර කරපු මට ඔයා සමාවදෙන්න එපා.

ඒ..ඒත් මට සමාවෙන්න අප්පා.. ඔයාට හොද පුතෙක් වෙන්න මට බැරි උනාට.. මං දැන් කරන්න ඕනි මොකක්ද.. මට හිතාගන්න බෑ.. මගෙ.. මගෙ සින්ඩරෙල්ලා.. අප්පා එයාව දකින්න තිබුනෙ. ඒන්ජල්ලා පරාදයි එයාට. එහෙනම් අප්පා මට ආදරේ කලා වගේ එයාටත් ආදරේ වෙයිද.. ඔම්මා නම් සින්ඩරෙල්ලට ගොඩක් ආදරෙයි.. අනේ එයා හො.....-"

ටේහ්‍යුන් නැවතුනේ පිටිපස්සෙන් ඇහුන උගුර පාදන හඬකින්. ටේහ්‍යුන්ගෙ වචන තවත් අහගෙන ඉන්න බැරි තැන ජින් තීරණේ කලා ටේහ්‍යුන්ට බාදා කරන්න.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now