chapter 27

1.9K 405 150
                                    

ජන්කුක්ගෙ කාමරේට ආව සර්වන්ට් කෙනෙක් උදේ ගෙනත් තියපු කෑම ට්‍රේ එක අතට ගත්තෙ ලොකු හුස්මක් පහලට හෙලලා. හැමදාම වගේම අදත් අත වත් තියලා නැති කෑම ටික ආපහු අරන් ට්‍රොලියෙන් තියාගෙන දවල් කෑම ටිකත් ටේබල් එක උඩින් වහලා තියපු එයා ජන්කුක් දිහා බැලුවත් කවුරුත් කාමරේට ආවා කියල වත් ජන්කුක්ට ගානක් තිබුනෙ නෑ.

ජන්කුක් නිදි නෑ. ඔහේ ඇදේ වැතිරිලා සිවිලිම දිහා බලාගෙන ඉන්නවා. දෙවෙනි පාරටත් කෑම ගෙනාව එකෙන් ජන්කුක් දන්නවා දැන් වෙලාව.. දවල් 1 වෙන්න ඕනි කියලා..

ජන්කුක්ට පුදුමයි. හරිනම් මේ වෙද්දි එකපාරක් හරි කවුරුහරි එයාව පාවිච්චි කරලා තියෙන්න ඕනි.. ගෙවුන මාසෙම ගෙවුනෙ ඒ විදියට..

බෝල ඇස් අගින් අලුත උපන් කඳුලු බිංඳුවක් කම්මුල් පහලට රූටලා ගියේ එයාගෙම ජීව්තේ ගැන ජන්කුක්ට දැනුන අනුකම්පාව නිසා.

අවුරුදු කීපයකට උඩදි සිද්ද උනාටත් වඩා දරුණු දේවල් වලට මේ මාසෙ ඇතුලෙදි මූන දුන්න ජන්කුක්ට ජීව්තේ ගැන පවා ආසාවක් මේ වෙද්දි ඉතුරු වෙලා තිබුනෙ නෑ.. ඒත් එක පුන්චි බලාපොරොත්තුවක් නිසා ජන්කුක් ජීවත් උනා. ඒ එයාගෙ ජීව්තේ එකම එලිය උන එයාගෙ ටේ බේබි ලගට ගිහින් එකම එක වතාවක් එයාට කියාගන්න බැරි උන ඒ දේ කියන්න.

එයාගෙ ආදරේ!!!

ජන්කුක් පසුතැවුනා.. මැරි මැරි ඉපදුනා.. එයා ඒ දේ ටේහ්‍යුන්ට කියන්න පරක්කු උන එක ගැන..

ජන්කුක්ගෙ හීනෙට හැමදාම එන ටේහ්‍යුන් ජන්කුක් ඇහැරෙනකොටත් ලගින් ඉන්න කියල එයා කොයිතරම් ප්‍රාර්ථනා කලත් ඒක නිකන්ම නිකන් හීනයක් විතරක් වෙද්දි ජන්කුක්ට ටේහ්‍යුන්ව කොයි තරම් ඕනි උනාද කියල දන්නෙ ජන්කුක් විතරයි.. ඒ පපුවට තුරුල් වෙලා හැම වේදනාවක්ම හේදිලා යනකන් අඩන්න පුලුවන් නම් ජන්කුක් ඒ වෙනුවෙන්  ඕනිම දෙයක් කරයි..

ඒත් එයා හිරවෙලා.. අඩුම ජන්කුක් ලග ජන්කුක්ගෙ ෆෝන් එකවත් තිබුනෙ නෑ.

ජිමින්ටවත් ජන්කුක් බලන්න එන්න ගාඩ්ලාගෙන් අවසර නෑ කියල ජන්කුක් අනුමාන කලා.

ඉතින් ඇස් වල කඳුලු හිදෙනකන් අඩනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ජන්කුක්ට ඉතුරු වෙලා නැ!

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now