chapter 35

2K 370 69
                                    

"ඔම්මා"

පරන මන්දිරේ උඩම තට්ටුවේ නැත්තම් තුන්වෙනි තට්ටුවේ හැම සැපපහසු කමකින්ම අනූන උන ලොකු කාමරේක දොර ඇරගෙන ඒක ඇතුලට එබුන ටේහ්‍යුන් එහෙම කෑගහනකොට ඇද උඩට වෙලා පාඩුවේ පොතක් කියවමින් හිටපු යේරි ඒ සද්දෙට ගැස්සිලා ගියා..

"ආහ්හ්හ් ළමයෝ... කෑගහනකොට චුට්ටක් හිමීට කෑගහන්න බැයිද" යේරි ටේහ්‍යුන්ට රැව්වෙ ගැස්සුන වේගෙට අතින් වැටුන පොත ආපහු අතට ගන්න ගමන්.

"මං ඔම්මා බලන්න කෙනෙක් එක්කන් ආවා" පුන්චි දරුවෙක් එයාට හම්බුන කැන්ඩි එකක් ආසාවෙන් පෙන්නන්න ගෙනත් වගේ ටේහ්‍යුන් ඒක කිව්ව විදියටම යේරිට තේරුනා ටේහ්‍යුන් මේ කියන්නෙ කාගැනද කියල..

"කෝ බලන්න මගෙ කොලු පැටියා" ආදරණීය හිනාවක් මූන ඇදෙනකොට වාරු තියෙන අත ටේහ්‍යුන්ගෙ පැත්තට දික් කරන් යේරි කිව්වේ ටේහ්‍යුන්ගෙ පිටිපස්සෙ හැංගිලා හොරෙන් බලාන ඉන්න ජන්කුක්ට!

මේ නම් ඉන්නෙ මීට විනාඩියකට කලින් ටේහ්‍යුන්ට රවපු යේරි නෙවෙයි..

හිනාවෙලා පිටිපස්සට අත යවපු ටේහ්‍යුන් එයාගෙ පිටිපස්සට වෙලා හොරාට බලන් ඉන්න එයාගෙ සින්ඩරෙල්ලගෙ අතක් අල්ලගත්තා.. අල්ලගෙන ඉස්සරහට ඇදලා අරන් යේරිට පේන්න හිට්ටෙව්වා..

"එන්න දරුවෝ ඔම්මා ලගට.. ඇයි මේ බය වෙලා"

ඔව්! ආදරණීය ඔම්මා කෙනෙක් උන යේරිට පුලුවන් උනා ජන්කුක්ගෙ හිතේ තියෙන බය අදුන ගන්න.. යේරිව බලන්න ඕනි කියල ටේහ්‍යුන් එක්ක ආවත් ජන්කුක්ට ඇත්තටම යේරි ලගට යන්න බයක් දැනුනා.. ඒත් ඒ ආදරණීය හඬට විරුද්ධ වෙන්න තරම් පුලුවන් කමක් ජන්කුක්ට තිබුනේ නෑ..

එයාටත් කලින් එයාගෙ කකුල් යේරි හිටපු ඇද ලගට ඇදුනෙ ඒකයි...

"ඉදගන්න හියුන්ග්" ජන්කුක් පස්සෙන්ම ඇද ලගට ඇවිත් නැවතුනු ටේහ්‍යුන් ඒ හීනි ඉනෙන් අල්ලලා ඇස් වලින් යේරිගෙ ඇද පෙන්නන්න ගමන් එහෙම කිව්වම ජන්කුක් පැකිලීමෙන් උනත් එතනින් වාඩිඋනා..

"ජන්කුකී..."

"ඔ...ඔම්මා" හිතන්නත් කලියෙන් බෝල ඇස් වලට කඳුලු එකතු වෙනකොට ඊලග තප්ලරේ ජන්කුක් හිටියෙ යේරිගෙ ඔඩොක්කුවට ඔලුව ඔබාගෙන..

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now