chapter 07

2.6K 447 131
                                    

ටේහ්‍යුන්ට කෝල් අරන් තිබුනෙ ටේහ්‍යුන්ගෙ අජුම්මා. අනිත් පැත්තට ආයෙම අජුම්මට කෝල් කරන්න හැදුවත් ඊලග කෝල් එකත් අජුම්මගෙන් ටේහ්‍යුන්ට එද්දි ටේහ්‍යුන් තවත් පරක්කු නොවී ෆෝන් එක කනෙන් තියාගත්තා.

"හෙලෝ අජුම්මා"

*********

"මං අද සල්ලි දන්න හිටියෙ අජුම්මා.. ඒත් මට මේ දවස් දෙකේම වැඩ කරන්න උනේ නෑ"

*********

"මං හොදින් පොඩි උණ ගතියක් වගේ ආවා අජුම්මා"

*********

"එපා එපා අම්මට කියන්න එපා.. මං කොහොම හරි හෙට උදේ වෙද්දි සල්ලි දාන්නම්කො. අජුම්මා උදේම ගිගින් අම්මට බෙහෙත් ටික අරන් දෙන්න"

*********

"හරි එහෙම කරන්න.. අනිද්දා ආයෙත් ඩොක්ට ලගට යන්න ඕනි නේද? මං ඒකටත් එක්ක වැඩිපුර සල්ලි දාන්නම්කො.. අම්මටත් කවලා අජුම්මත් කාලා නිදාගන්න.. ගුඩ් නයිට් අජුම්මා"

ටේහ්‍යුන් කෝල් එක කට් කරලා ආයෙත් සිවිලිම දිහාට එයාගෙ ඇස් දෙක හරවගත්තා. ගොඩක් වෙලා කල්පනා කලත් ටේහ්‍යුන්ට කරන්න කිසිම දෙයක් මතක් උනේ නෑ.. ඒත් එයාට සල්ලි ඕනි..

එයාගෙ අම්මට දැනටමත් එක දවසක් බෙහෙත් මගෑරිලා. ඒ ටේහ්‍යුන්ට වැඩ කරන්න බැරි උන දවස් දෙකට.

එයාට මාසයක් විතරම ජොබ් එක කරන්න බැරි උනොත්.. ඔහ්! එපා.. ඒ ගැන හිතන්නවත් එපා ටේ!

ටේහ්‍යුන් ගැඹුරු හුස්මක් උඩට අරන් ඒක හිමින් පිට කලා. ආයෙත් ෆෝන් එක අතට ගත්ත ටේහ්‍යුන් උදේ ජන්කුක් බලෙන්ම එයාගෙ ෆෝන් එකේ සේව් කරපු නම්බර් එක contact list එකෙන් හොයාගත්තා.

-Jungkook hyung sir-

තප්පර දෙකක් විතර ෆෝන් ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තිබුන නම දිහා බලන් හිටපු ටේහ්‍යුන්ගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනේ ඒ නමේ තිබුන හුරතල් ගතිය එයාට දැනුන නිසා වෙන්න ඇති..

ඒත් ටේහ්‍යුන් හිටියෙ හිනාවෙන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි. ජන්කුක් කියන්නෙ හුරතල්  කෙනෙකුත් නෙවෙයි. එයා භයානකයි! ගොඩක්!

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now