chapter 32

2.3K 395 419
                                    

"ඕනි නෑ.. මං එනවා. යමු! " එයාගෙ පැත්තට දුවගෙන ආව කලු ඇදගත්ත මිනිස්සු ටික... එහෙමත් නැත්තම් කිම් දේහ්‍යුන් ගෙ මිනිස්සු ටික මේ එන්නෙ එයාව බේරගන්න කියල ටේහ්‍යුන් දන්නවා..

ඒත් ටේහ්‍යුන්ට ඒ අයගෙ උදව් ඕනි උනේ නෑ.. එයා ඒ වෙද්දිත් බේරිලා ඉවරයි..

ටේහ්‍යුන්ට දැනුනෙ වචන කරගන්න බැරි තරමෙ කේන්තියක්!

එයා අප්පට කොයි තරම් අකමැති උනත් එයාගෙ අප්පා එක තැනකදි හරි කියන එක මේ වෙද්දි ටේහ්‍යුන්ට හොදටම තේරිලා ඉවරයි!

'මේ ලෝකෙ සල්ලියි බලෙයි නැතුව ජීවත් වෙන්න බෑ පුතා... උබ අද මට වෛර කරත් ජීව්තේ කවදහරි ඒ පාඩම උබ ඉගෙන ගනියි.. මට ඕනි උබ ඒ පාඩම අමාරු පාරෙන් ඉගෙන ගන්නවා නොබලා ඉන්න'

ඒ තමයි දේහ්‍යුන් ගෙ වචන!

ටේහ්‍යුන් දැන් මේ යන්නෙ එයාට අයිති බලේ ආපහු ලබාගන්න!

මොකද, එයාට පුලුවන් එයාගෙ ආදරේ වෙනුවෙන් එයා මේ ලෝකෙ වැඩියෙන්ම වෛර කරන තැනට උනත් යන්න. ආයෙත් ඒ ජීව්තේට යන්න!

බෝගම් එයාව හිර කරලා හිටපු බේස්මන්ට් එකෙන් එලියට ආව ටේහ්‍යුන් දැක්කෙ කලු පාට ඩිෆෙන්ඩර් ගොඩක්.. ඒ එයාගෙ තාත්තගෙ වාහන. එලියට එන දිගටම ගාඩ්ස්ලා සිහි නැතුව බිම වැටිලා හිටපු එක නම් එයාගෙ මිනිස්සුන්ගෙ වැඩක් කියල ටේහ්‍යුන් තේරුම් ගත්තා.

"ටේ..." ඉස්සරහම වාහනේ ලග හිටගෙන අත් දෙක පපුවට බැඳගෙන හිනාවකින් මූන පුරවගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි.. නම්ජූන්!

ටේහ්‍යුන්ගෙ එක කුස නූපන් හියුන්ග්.. පුන්චි කාලෙම දේහ්‍යුන් හදාගන්න අරන් නම පවා දීපු දේහ්‍යුන්ගෙ ලොකු පුතා... ඒත් දේහ්‍යුන්ගෙ ලේ උරුමක්කාරයා උන ටේහ්‍යුන්ට උපතින්ම හිමි අයිතිය නම්ජූන්ට ලැබුනෙ නෑ.

නම්ජූන් තමයි දේහ්‍යුන්ගෙ දකුණු අත!

"හියුන්ග්" ටේහ්‍යුන් යාන්තමින් හිනාවුනා.

"ඔයා ආපහු එන්න ගත්ත තීරණේ ගැන මට සතුටුයි ටේ" නම්ජූන් කිව්වෙ ටේහ්‍යුන්ට නගින්න පිටිපස්සෙ දොර අරින ගමන්.. ටේහ්‍යුන් වාහනේට නගිනකන් ඉදපු නම්ජූනුත් ඇතුලට ආව හැටියෙ ඩ්‍රයිවින් ශීට් එකේ හිටපු මීරා වාහනේ ස්ටාට් කලා..

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now