chapter 11

2.6K 453 196
                                    

ටේහ්‍යුන්ගෙ අතින් ඇදගෙන ටික දුරක් ගිය සේහි ආයෙම නැවතිලා ජන්කුක් ලගට දුවගෙන ආවා.

"ජන්කුක් සර් අපේ හියුන්ග් අහ් මං මේ කිව්වෙ ප්‍රින්සිපල් සර් ජන්කුක් සර්ට ඔෆිස් එකට එන්න කියල පණිවිඩයක් කියන්න කිව්වා තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා මට" සේහි හිනාවුනත් ජන්කුක්ගෙ ඇස් දෙක ලොකු උනා.

"බෝගම් සර්?"

"ඔව් සර්.. මං එහෙනම් යන්නම්"

"හරි.." සේහිටත් කලින් එතනින් පිටවුන ජන්කුක්ගෙ හිත අමුතු බයකින් පිරිලා තිබුනා.

ජන්කුක් කවදාවත් බෝගම්ට බය උනේ නෑ බය වෙන්න හේතුවක් තිබුනෙත් නෑ. හැමදෙයක්ම උනේ ජන්කුක්ගෙ උවමනාවට.. එහෙනම් ඇයි අද ජන්කුක් බය වෙලා.

හිතට දැනෙන දේ බයක් කියල පිලිගන්න අකමැති උන ජන්කුක් කෙටි අඩි තියමින් ඉක්මනින් බෝගම්ගෙ ඔෆිස් රූම් එක පැත්තට ඇවිදගෙන ගියා.
.
.
.
.
ටේහ්‍යුන් කොලේජ් එක ඇතුලෙදි දෙතුන් පාරක්ම ජන්කුක්ව දැක්කත් ජන්කුක් ටේහ්‍යුන්ව මගෑරියා.

උගන්නන වෙලාවෙත් ජන්කුක් හැසිරුනේ වෙනදා හැසිරෙන විදියට නෙවෙයි. ජන්කුක් කියන්නෙ කොහොමත් කොලේජ් එක ඇතුලෙ අහංකාර කෙනෙක් නිසා අනිත් ලමයින්ට ජන්කුක්ගෙ වෙනස නොතේරුනත් ටේහ්‍යුන්ට ඒක දැනුනා.

ටික ටික වෙලාව ගත වෙලා ගිහින් අන්තිම පීරියඩ් එකත් ඉවර උනා. ජන්කුක් පොත් ටිකත් අරන් ඉක්මනින් ක්ලාස් එකෙන් පිටවෙන හැටි බලන් හිටපු ටේහ්‍යුන් එයාගෙ පොත් ටික බැග් එකට දාගත්තා.

දෙන්නම එකටම හවසට එමු කියල කිව්ව ජන්කුක්ම ටේහ්‍යුන්ව දාලා එන්න ආව එක ගැන ටේහ්‍යුන්ගෙ හිතේ තිබුනෙ හොදක් නෙවෙයි..

බෑග් එක පිටේ එල්ලගෙන සාක්කු දෙකට අත් දෙක දාගෙන ටේහ්‍යුන් හිමින් හිමින් කාර් පාර්ක් එක පැත්තට ඇවිදගෙන ආවා.

ඒත් කෝ ජන්කුක්ගෙ වාහනේ! උදේ නවත්තපු තැන ජන්කුක්ගෙ වාහනේ තිබුනෙ නෑ. එයා ගිහින්!

ජියෝන් ජන්කුක් කිම් ටේහ්‍යුන්ව මග දාලා ගිහින්!

ටේහ්‍යුන් මුකුත් හිතුවෙ නෑ.. ටේහ්‍යුන් කියන්නෙ ජන්කුක්ගෙ බෝයිටෝයි විතරක් වෙනකොට ටේහ්‍යුන් කොහොමද ඊට වඩා දෙයක් ජන්කුක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ!

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now