chapter 20

2.4K 429 166
                                    

ටේහ්‍යුන්ගෙ කකුල් දෙකම පුටු කකුල් වලට ගැටගැහෙද්දිත් ටේහ්‍යුන් කිසිම දෙයක් හිතාගන්න බැරුව ඔහෙ බලාගෙන හිටියත් එකපාරම කාමරේ ලයිට්ස් ඔන් වෙද්දි ටේහ්‍යුන්ගෙ දෑස් පුදුමෙන් විසල් වෙලා ගියා.

ටේහ්‍යුන් ඉස්සරහ ටිකක් ඈතට වෙන්න හිටගෙන හිටියෙ ජන්කුක්. ජන්කුක් හිටියෙ අඩ නිරුවතින්. කිරුගරුඬ පැහැ ගත් ශරීරයේ උඩ කොටස විතරක් ශර්ට් එකකින් වැහිලා තිබුනත් ඒ සම්පූර්ණ ශර්ට් එකම වතුරෙන් තෙත් වෙලා.

තෙත් උන හිසකෙස් දිගේ වතුර බිංදුව බිංදුව සිනිදු පපුව පහලට රූටලා වැටෙන දිහා බලන් ඉදපු ටේහ්‍යුන් අමාරුවෙන් කෙල ටිකක් උගුරෙන් පහලට යවාගත්තා.

ටේහ්‍යුන්ට දැනුනා එයාව පන ගහනවා. ඇත්තටම දැනටම පන ගහලා හිටපු එයාව තවත් ශක්තිමත් වෙනවා ටේහ්‍යුන්ට දැනුනා.
ජන්කුක්ගෙ උඩ කොටස වහගෙන හිටපු සුදු ශර්ට් එක ජන්කුක්ගෙ එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒක ටේහ්‍යුන් ගෙදර ඉන්න කාලෙ ඇදපු එකක්.

සමහරවිට ජන්කුක් ටේහ්‍යුන්ගෙ අල්මාරිය අවුස්සලා හොයාගන්න ඇති.

ටේහ්‍යුන්ට තිබුනෙ සිහින් සිරුරක්.. එහෙනම් ටේහ්‍යුන්ගෙ ශර්ට් එකත් ප්‍රමාණයක් කුඩා වෙන්න ඕනි.

ඇත්තටම ඒක එහෙම උනා. ටේහ්‍යුන්ගෙ විශාල නොවුන සුදු පැහැ ශර්ට් එක තෙත් වෙලා ජන්කුක්ගෙ සිහින් සිරුරට ඇලිලා තිබුනෙ ජන්කුක්ගෙ ඇගේ හැඩ තව තවත් ඉස්මතු කරලා.

ටේහ්‍යුන් ජන්කුක් දිහා බලාගෙනම අමාරුවෙන් සැරින් සැරේ කෙල ගිලින්නයි මතක් කරලා හුස්ම ගන්නයි පටන් ගත්තෙ ඇස් ඉස්සරහ පේන දසුන ඔහුට හුස්ම ගන්න එකත් මොහොතකට අමතක කරවපු නිසා.

ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇස් දිහාම බලාගෙන හිටියා. ජන්කුක් හිටියෙ ටේහ්‍යුන්ට ඈතින්. ලගින් හිටියත් පිටිපස්සට ගැටගැහුන දෑත් වලින් ටේහ්‍යුන් කොහොම නම් ජන්කුක්ව අල්ලන්නද.

ටේහ්‍යුන් වචනෙන් කියන්න බැරි තරම් අසරණ උනා. ඈතට දිලිසෙන ඇත්දල පැහැ පිරුනු කලවා වල දම් පාටින් සලකුණු මවන්න ටේහ්‍යුන්ට ඇති උන ආශාව ටේහ්‍යුන්ට ඇති කලේ පිපාසයක්.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now