chapter 24

1.9K 374 146
                                    


"හියු..හියුන්ගී... බ්..බේබි...බේබි" ජන්කුක්ගෙ වෙව්ලන කටහඩ ජිමින්ගෙ නිදිමත සම්පූර්ණයෙන්ම නැති කලා.

ඉක්මනින් කනෙන් ෆෝන් එක ඈත් කරපු ජිමින් තිරයේ සටහන් වෙන වෙලාව බැලුවෙ ඇදේ ඉදගනිමින්.

වෙලාව තාමත් පාන්දර 5යි කාලයි. එතකොට ජන්කුක් ඇයි අඩන්නෙ!

"කුක්.. දරුවො මොකද උනේ.. ඇයි මේ අඩන්නෙ" ජිමින් කොයි තරන් මෘදුව කතා කලත් ජන්කුක්ගෙ ඇඩිල්ලෙ අඩුවක් උනේ නැ..

"බේ.බේබි.. නෑ.. හියු..හියුන්ගී බේබි.. ග්..ගිහින්"

"කුක්.. සන්සුන් වෙන්න රත්තරන්. හියුන්ගීට පැහැදිලිව කියන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියල.. කෝ ටේ" මේ සැරේ ජිමින් සාර්තකයි. ජන්කුක් යාන්තමින් සන්සුන් උනා.

"ටේ.. මගෙ බේබි.. ගිහින්.. හියුන්ගී.. එයාගෙ හියුන්ගී..ව.. දාලා.. ගිහින්" වචනයක් ගානෙ ජන්කුක් ඉකිගහනවා..

"ඔයාලා රන්ඩු උනාද කුක්."

"න්..නෑ.. සේරම වින්..විනාස උනා. හියුන්ග්.. මට.. ඔක්කොම.. නැති උනා.."

"හරි.. ඉස්සෙල්ලා මට කියන්න උන දේ.. ඊට පස්සෙ හියුන්ගී ටේ බේබිව මගෙ ජන්කුකීට ගෙනත් දෙන්නම් හොදද" ජන්කුක් වේගෙන් හිස ඉහල පහල කලා.

ඊලගට හුස්මක් ගත්ත ජන්කුක් පුලුවන් තරමින් හැඩීම අතරින්ම උන හැමදෙයක්ම ජිමින්ට ඉක්මනින් කිව්වා.. ඒත් එක දෙයක් හැර.. ජන්කුක්ට බෑ ඒ දේ කාටවත් කියලා ආයෙත් එයාගෙ ජීවතේ වටින කෙනෙක්ව එයාට නැති කරගන්න.. ඒකයි ජන්කුක් හැමදෙයක්ම තනියම දරාගන්න හිත හදාගත්තෙ..

"ඒත්.. කුක් ඇයි ඔයා ඒකට කැමති උනෙ.. ඔයා ආදරේ ටේටනෙ" ජිමින් හිටියෙ ගොඩක් පුදුම වෙලා! ආදරෙයි කියන්න ලෑස්ති වෙලා හිටපු මනුස්සයා වෙන කෙනෙක් මැරි කරන්න කැමති වෙද්දි කවුද පුදුම නොවෙන්නෙ!

"ම.මට..වෙන කරන්න දෙයක් නෑ හියුන්ග්"

"ඇයි.. මට කියන්න කුක්.. කවුරු හරි ඔයාව බය කලාද.." ජිමින් සන්සුන්ව ඇහුවත් ජන්කුක් තවත් නොසන්සුන් උනා.

ඒ ගැන කතාකරන්නවත් ජන්කුක් බයයි.. ජන්කුක්ව කාටහරි ඇහුනොත් කරදරයක් කරයි! එයාට

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now