chapter 12

2.5K 429 164
                                    

Screaming , crying , perfect storms
I can make all the table turn
Rose garden filled with thorns

(මෙතන දාන හැම එකක්ම කොයිම හරි තැනකදි කතාවට අදාල වෙයි)

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
*****************************************************

ඒ සිදුවීම සිද්ද වෙලා අදට සතියක්!

ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා සමාන්‍ය යාලුවො වගේ ඉන්න අරන් මේ වෙද්දි සතියක් ගෙවිලා ගිහින්!

මේ මුලු සතිය පුරාම ටේහ්‍යුන් වගේම ජන්කුක් එකිනෙකාට ගොඩක් කිට්ටු උනා.. වෙනදට වඩා පහසුවෙන් එකිනෙකා එක්ක ගනුදෙනු කලා.

ටේහ්‍යුන් උදේට ජන්කුක් එක්කම කොලේජ් යන්න හවසට ආයෙත් ජන්කුක් එක්කම ගෙදර එන්න පුරුදු උනා. එදා වගේ ආයෙත් ජන්කුක් ටේහ්‍යුන්ව මග තනි කරලා ආවෙ නෑ..

මෙ සතියම දෙන්නගෙන් කෙනෙක් වත් ක්ලබ් එක පැත්ත පලාතක ගියේ නැත්තෙ ඒ දෙන්නාට හවසට ගෙදර ඇවිත් කරන්න කල්බ් යනවට වඩා වැදගත් වැඩ තිබුනු නිසා.

වරදවා වටහා ගන්න එපා!

ජන්කුක් රෑට කෑම හදද්දි ටේහ්‍යුන් එයාට උදව් කලා. උයලා කාලා දෙන්නත් එක්කම ටේහ්‍යුන්ගෙ හෝම්වර්ක් කලා. දෙන්නත් එක්ක කලා කිව්වට ටේහ්‍යුන් වැඩ කරද්දි ජන්කුක් ලමයින්ගෙ මොනාහරි වැඩක් ගෙදර අරන් ඇවිත් බැලුවා.

ඒ ඉවර වෙලා, වෙලාව තිබුනොත් දෙන්නත් එක්ක ෆිල්ම් එකක් බලන්නත් එයාලා පුරුදු උනා.

හොදම දේ නම් මුලු සතියක් පුරා ජන්කුක් සෙක්ස් වලින් ඈත් වෙලා හිටියා.. ටේහ්‍යුන් නිසා. ජන්කුක්ගෙ මේ වෙනසට ටේහ්‍යුන් හිටියෙ ගොඩක් සතුටින්..

ටේහ්‍යුන් පවා සේහිගෙන් යාලුවෙක් විදියට කරපු ආශ්‍රය ඈත් කලේ ජන්කුක් එක්ක ගත කරන කාලයෙන් විතරක් එයාගෙ හිත ඕනිවටත් වඩා සතුටු වෙන නිසා. ටේහ්‍යුන් ජන්කුක්ගෙ ලග නොරැදුනු වෙලාවක් නැති තරම්!

ජිමින් දවස් දෙකක් විතර ජන්කුක්ව බලලා යන්න ආවා. එදාට නම් ඉතින් කෑම එලියෙන් තමයි.

හැමදේම හොද විදියට සිද්ද උනත් මේ අතරෙ කවුරුත් නොදන්න ටේහ්‍යුන් විතරක් දැනගෙන හිටපු දේකුත් සිද්ද උනා.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now