උද්යානේ තිබුනේ තද අදුරක ගිලිලා... ආපු හැම කෙනෙක්ම අදුර මැද්දේ නිහඩව වාඩි වෙලා හිටියේ ජිමින් ගේ ඉල්ලිමට අනුව.... තවත් මොහතකින් ප්රධාන ගේට්ටුව විවර වෙලා ඇතුලට ආපු සුඛෝපභෝගී වාහනේ උද්යානේ කෙරවලේ නැවතුනා... මද අදුරේම වාහනේ දොරවල් ඇරිලා වැහෙන හඩ ඇහෙන කොට එහාපැත්තේ හිටපු ජිමින් ගේ නොසන්සුන් උනුසුම් හුස්ම හඩ ටේහීට ඇහුනා....
තවත් මොහතකින් උද්යානේ පුරා විදුලි බුබුළු සීරුවට දැල්වෙන කොට සතුටු හිනා හඩක් අවට පැතිරුනා....
චාම් පෙනුමක් තිබුන ගැහැණු කෙනෙක් දිලිසෙන ඇස් වලින් සැරසිලි දිහා බලාගෙන හිටියා... වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු ජිමින් දුවගෙන ගිහින් ගෑනු කෙනාව හග් කරලා විශ් කරනකොට, ජිමින් ගේ ම හැඩරුව තිබුන පිරිමි කෙනත් අනිත් පැත්තෙන් ඒ හග් එකට එකතු වුනා... ඔව් එයාලා හරි ලස්සන පුංචි පවුලක්.... ඒ තමයි ජිමින්ගේ දෙමව්පියෝ... ටේහීගේ ඇස් යන්තමින් තෙත් වෙලා ගියා...ටේහී දැක්කා එයාගේ දෙපැත්තෙන් හිටගෙන හිටපු ටේකුක් දෙන්නත් ඒ ලස්සන family hug එක දිහා දිලිසෙන ඇස් වලින් බලාගෙන ඉන්නවා.... වචනයක් වත් නොකියා සහෝදරයෝ දෙන්නාගෙ ඉනවටේ අත්දෙක යවපු ටේහී කොල්ලෝ දෙන්නගේ පිටට මෘදු තට්ටුවක් දැම්මා....
ඇස් වල කදුළු හංගන්න උත්සාහ කරන ගමන් ටේහී දිහාවට හැරුන අලිබබාලා දෙන්නා ටේහීගේ උරහිස් වටේ අත් පටලලා බෙල්ල අස්සේ මූන හංග ගද්දී ටේහී ගේ මූනේ ආදරනීය හිනාවක් ඇදුනා.... සහෝදරියක් කියන්නේම ගෙදරකට දෙවෙනි අම්මෙක්... ටේකුක් දෙන්නටත් ඒක එහෙමමයි...
පුදුම කිරීම් අවසානයේ කේක් කපලා පාටි එක පටන් ගත්තා.... ටිකෙන් ටික එන අමුත්තෝ එක්ක කාර්ය බහුල වෙලා හිටියත් සැරෙන් සැරේට ඇවිත් ටේහී එක්කත් ටේකුක් දෙන්නා එක්කත් වචනයක් හුවමාරු කරගන්න ජිමින් අමතක කලේ නෑ....
පාටි එක පටන් අරගෙන පැයක් විතර ගෙවිලා ගියේ සතුටු හිනා කථා මැද්දේ.... එක සැරේටම අවට පැතිරිලා තිබුන සද්දේ නැතිවෙලා හැමදේම නිහඩ වෙද්දි බ්ලෝසම් ගහ යට තිබුන දුහුල් සේද රෙදි වලින් ආවරනය වුන කොටස අන්ධකාරේ ගිලිලා ගියා....
![](https://img.wattpad.com/cover/334908651-288-k686132.jpg)
YOU ARE READING
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...