After ten years......
ටේහී හිටියේ එයාගේ බුක් ෂොප් එකේ ඉස්සරහ තියලා තිබුන පුංචි ටේබල් එකේ වාඩි වෙලා පාර දිහා බලාගෙන.....
යුන්ගි කියපු විදියටම ටේහී බුක් ෂොප් එකත් එක්කම එකට කැෆේ එකත් පටන් ගන්න යෝජනා ව ජිමින් ට කිව්වා...
ටේහී ජිමින් එක්ක ආපහු බුසාන් ඇවිත් අවුරුද්දකට පස්සේ ටේහීගේ හීනේ හැබෑ වුනා....බුක් ෂොප් එකටම අල්ලලා හදපු කැෆේ එක හතර වටේටම ලස්සන කහ රෝස මල් වැලක් තිබුනා.....බුක් ෂොප් එකේ වගේම කැෆේ එකෙත් ඉහල මහල වෙන් වුනේ පුංචි අපාර්ට්මන්ට් එකකට.... මීට අවුරුදු දෙකකට කලින් නම්ජූන් ජන්කුක් දෙන්නා එතන පදිංචියට ආවා.....
ජින් හන්ජි එක්ක විවාහ වෙනකොට, ජින් හන්ජි පවුලට හන්ජි වගේම කටකාර ජින් වගේම කඩවසම් කොලු පැටියෙක් එකතු වුනා.....
ටේහ්යුන් විවාහ වුනේ හෙදියක් වුන සුහා එක්ක.... ටේසූ පවුලටත් දග කොල්ලෙක් ඉන්න කොට
නම්ජූන් සදාකාලිකව තනිකඩව ඉන්න තීරණය කරලා තිබුනා....
නම්ජූන් ගේ අඩි පාරේ ගිය ඒ වෙනකොට වෛද්‍ය වරයෙක් වුන ජන්කුක් ත් තනිකඩ ජීවිතේ රහ අදුරගෙන හිටපු නිසා ම තනිකඩ ජීවිතේට හුරු වුනා.... ජින් ටේහ්යුන් පවුල් දෙකට කරදරයක් නොවී, වෙනම ඉන්න තීරණය කරපු නම් කුක් සහෝදරයෝ දෙන්නා බුසාන් කිට්ටුව අපාර්ට්මන්ට් එකක් හෙව්වේ ඒ වෙනකොට ටේහී අවුරුදු හථකට පස්සේ දෙවෙනි වතාවටත් මවක් වෙන්න සූදානමින් හිටපු නිසා.....පස්සේ ජිමින් ගේ ඉල්ලීමට නම් කුක් දෙන්නා කැෆේ එකේ ඉහල මහලේ ස්ථිර පදිංචිය ට ආවේ, ටේහීගේ නිවුන් දගයෝ දෙන්නා ලැබෙන්න මාසේක කාලයක් තියෙද්දි.....
අවුරුදු තුනක් වුන ටේහීගේ නිවුන් කොල්ලෝ දෙන්නාගෙන් එක්කෙනෙක් තනිකරම ජිමින් ගේ හැඩරුව අරගෙන ඉද්දී අනිත් එක්කෙනා ටේහීගේ ම ක්ලෝන් එකක් වුනා... ටේහී ටේහ්යුන් දෙන්නාම එකම හැඩරුව අරගෙන ඉද්දී, පුංචි කොල්ලෝ දෙන්නා ටේහ්යුන් ගෙයි ජිමින් ගෙයි පුංචි කාලේ අනුරූ දෙකක් වගේ වුනා.....
"මමාහ්!!"
ටේහී ගේ කල්පනාව බිදිලා ගියේ දුවගෙන ආපු අවුරුදු දහයක් වුන ලිලී ටේහී ගේ කරවටේ අත්දෙක පටලලා හාදුවක් තියනකොට.....
YOU ARE READING
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්‍රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...