🥀32 ( End)

623 143 21
                                    

"මොකද එකපාරටම ඔලුව රිදෙන්න ගත්තේ ටේහී? උනක් නම් නෑ!!"

හේසෝක් යන්න ගිහින් පැයකට විතර පස්සේ ටේහී ටේහ්යුන් ට කථා කරලා ඔලුව රිදෙන නිසා ෂොප් එක වහලා ටැක්සි එකක් අරගෙන ගෙදර යනවා කිව්වත් ටේහ්යුන් ඉක්මනින් ආවා ටේහී ව ගන්න...

"ම්හ් මහන්සි වෙන නිසා වෙන්න ඇති ටේ!!"

ටේහී සීට් එකට ඔලුව හේත්තු කරගෙන ඇස් පියාගත්තා...

"ඒකනේ මං කිව්වේ!! ගෙදරට වෙලා ඉන්න කියලා!!"

ටේහ්යුන් ඩ්‍රයිව් කරන ගමන් නෝක්කාඩු කිව්වා... ටේහී නිහඩව හිටියා.....

"ටේහී!!"

"ම්!"

"අඩන්න තරමටම ඔලුව රිදුනද?එහෙම නැත්නම් ඇඩුවට පස්සේද ඔලුව රිදුනේ?"

ඇස් වහගෙන ඉන්න ටේහී දිහා සැරෙන් සැරේට බලන ගමන් ටේහ්යුන් ඇහුවා.....

"ඇඩුවට පස්සේ...."

ටේහී ගානක් නැතුවම කියද්දී ටේහ්යුන් වාහනේ එක තැන බ්රේක් කලා....

"මොකටද ඇඩුවේ?"

ටේහ්යුන් සද්දෙන් ඇහුවා....ගැස්සිලා ගිය ටේහී ඇස් ලොකු කරලා බැලුවා....

"මොකද්ද අඩන්න හේතුව ටේහී "

ටේහ්යුන් ආයේත් ඇහුවා.... ටේහී ඉක්මනින් ෂටර් එකෙන් එලිය බලාගත්තා.... ටේහ්යුන් වාහනේ පාරේන් අයින් කරලා නැවැත්තුවා.....

"ඔයාට මාත් එක්ක කියන්න බැරි දේවල් තිබුනේ කවදා ඉදලද ටේහීයා? ඔයාගේ ජීවිතේ ඔයාට හිටපු හොදම යාලුවා මම!! ඒත් දැන් ඒක එහෙම නෙවෙයි ද? මට කියන්න බැරි දේවල් ඔයා ලග තියනවද ටේහී?"

ටේහ්යුන් සන්සුන් හඩින් ඇහුවා... ටේහී බිම බලාගත්තා.....

"ඊයේ ඉදලා ඔයා හිටියේ හිතේ කරදරෙන්!! මං හිතුවා හෙයොන්ග් ලා නිදා ගත්තාම අර ඉස්සර වගේ ඔයා ඇවිත් මාත් එක්ක කතා කරයි කියලා....මතකද ඉස්සර...!"
ටේහ්යුන් උඩ බලාගෙන හෙමින් හිනා වුනා.....

"ටේටේ ටේහීට කියන්න දෙයක් තියනවා ඇස් වහගෙන අහගෙන ඉන්න කියනවා!!"

ටේහ්යුන් ඈත බලාගෙන කිව්වා...

"දැන් අපි වැඩිහිටියෝ තමයි ටේහී!! ඒත් මං තාම ඔයාගේ ටේටේ!! වයසින් කොච්චර ලොකු වුනත් හිතේ තිබුන ඒ බැදීම තාමත් එහෙමයි ටේහීයා!! අපි දෙන්නා හැමදේම බෙදා ගත්තා නේද?ආ ඇයි දේවල් හිතේ තියාගෙන තනියම විදවන්නේ ආ?"

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Où les histoires vivent. Découvrez maintenant