"ජිමින්!! මේක ඔයාගේ කා එක නෙවෙයිනේ!!"
ටේහී ගෙයින් එළියට එන ගමන් අහනකොට ජිමින් තොල් උල් කරගෙන හිනාවුනා....
"ඔව්, මං හේසෝක්ගෙන් එයාගේ කා එක ඉල්ලගත්තා!!"
"ඒත් ඇයි?"
ටේහී කුතුහලෙන් ඇහුවා...
"මගේ කා එකේ බ්රේක් වල පොඩි අවුලක්, !"
"ඉතින් අපි හදාගෙන යමු!!"
"ඉට්ස් ඕකේ ලව්!! ඒක ප්රශ්නයක් නෙවෙයි!! "
ජිමින් ටේහීව හග් කරලා කියනකොට ටේහී හිනා වෙලා ඔලුව වැනුවා.....
"සෝ යමුද?"
ටේහී ගේ මූනට එබිලා ජිමින් ඊලගට ඇහුවා....ටේහී හිනා වෙලා ඔලුව වනලා ගේ දිහා හැරිලා බැලුවා..... වැරන්ඩා එකේ හිටගෙන හිටපු මිස්ටර් &මිසිස් පාක් ලගට දුවගෙන ගිය ටේහී දෙන්නවම හග් කරලා ආයේමත් ජිමින් ලගට දුවගෙන ආවා.... මිසිස් පාක් ඇස් වල කදුළු හංගලා හිනාවුනා....
ටේහීට නගින්න කා එකේ දොර ඇරලා දීපු ජිමින් ටේහී කා එකට නැග්ගට පස්සේ දොර වහලා මිසිස් පාක් ටයි මිස්ටර් පාක්ටයි සමුදෙන්න ගියා....
"පොරොන්දු වෙන්න චිම්, පරෙස්සමට ආපහු එනවා කියලා එයත් එක්කම!!"
ජිමින් ව හග් කරලා මිසිස් පාක් කිව්වා....ජිමින් හෙමින් ඔලුව වැනුවා....
"ඔයාට බැරිද පුතා මමාට promise වෙන්න!!"
"මමා ප්ලීස්!! ඔයා හැමදේම දැන දැනත් ඇයි මේ!!"
ජිමින් නොරිස්සුම් හඩින් කිව්වා....
"ජිමින්!! ඔයාට ඕන කරන්නේ අර අහිංසක කෙල්ලව මේ දේවල් වලට පාවිච්චි කරන්නද ආ? "
මිසිස් පාක් කේන්තියෙන් ඇහුවා....
"මමා ප්ලීස්!! මම හැමදේම බලාගන්නම්!! "
ජිමින් මුරන්ඩු හඩින් කිව්වා....
"ටේක් කෙයා පුතා!! මමායි පපායි ඔයාව ට්රස්ට් කරනවා, අපි ඔයාට වගේම අර පුංචි කෙල්ලටත් දැන් ගොඩක් ආදරේ කරනවා පුතා!!"
මිස්ටර් පාක් ජිමින් ව හග් කරලා කිව්වා....ජිමින් බිම බලාගෙන හිටියා....
ESTÁS LEYENDO
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanficකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...