🥀25

443 117 3
                                    

"මොකක්!! මොකක්ද උබ කියන්නේ ජිමින්!! උඹ කියන්නේ උබේ මිෂන් එක වෙනුවෙන් අපේ අහිංසකි අර මරු කටට යැව්වා කියලද? ආහ්!! මං උබව ඉතුරු කරන්නේ නෑ!!!"

මෙච්චර වෙලා නිහඩව ම ජිමින් කියපු දේවල් අහගෙන හිටපු නම්ජූන් මාරාවේශ වුනේ ජිමින් ටේහීව යුන්ගි ලග ඔත්තු බලන්න යැව්වා කියලා කියද්දියි....

ජිමින් තමන් DCI නිලධාරියෙක් බව කියද්දිත් තමන් හැම කෙනෙක්ටම බොරු කිව්ව එකට සමාව ඉල්ලද්දිත් නම්ජූන් වගේම අනෙක් තුන් දෙනත් නිහඩවම ජිමින් ට ඇහුම්කන් දුන්නා.... ඒත් ජිමින් ටේහීව තමන්ගේ මිෂන් එකට සම්බන්ධ කර ගත්ත බව කිව්වා විතරයි මාරාවේශයෙන් කෑ ගහපු නම්ජූන් ජිමින් ගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා ගත්තා....

ඒත් එක්කම ජිමින් එක්ක ආපු නිලධාරීන් දොලොස් දෙනාගෙම අතේ තිබුන ගන්ස් නම්ජූන් දිහාවට හැරුනේ ක්ලික් හඩින් ඒවයේ අගුල් ලිහිල් වෙන ගමන්....

"නම්ජූන් හෙයොන්ග්!!"

ජිමින් සන්සුන් හඩින් කිව්වා.....

"හෙයොන්ග්!! ඔය කටින් උබ ආයේ මට හෙයොන්ග් කියන්න එපා !! ටේහී කොහේද ඉන්නේ කියපන්!!"

ජිමින් ගේ කොලර් එක අල්ලගෙන හිටපු අතේ ග්‍රහණය තවත් තද කරලා නම්ජූන් ගෙරෙව්වා....

" ඕක නවත්තනවා  නම්ජූන්!! කේන්ති අරගෙන ප්රශ්න විසදන්න බෑ!!"

මෙච්චර වෙලා බිම බලාගෙන වාඩි වෙලා හිටපු ජින්  කෑ ගහනකොට නම්ජූන් ඔලුව හරවලා ජින් දිහා බැලුවා.....

"වැදගත්ම දේ ටේහී විතරයි නම්ජුනා!!"

වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ජින් සන්සුන් හඩින් කියනකොට ජිමින් ගේ කොලර් එක අතෑරපු නම්ජූන් එහෙමම පැත්තකට වුනා....

"ඩිටෙක්ටිව් චීෆ් ඉන්ස්පෙක්ටර් ජිමින් පාක්!! අපිට අපේ සහෝදරීව අද දවස ගෙවෙන්න කලින් මුන ගැහෙන්න ඕන!! ඉතුරු දේවල් අපි ඊට පස්සේ බලාගමු!!"

ජිමින් ගේ මූන ඉස්සරහින් හිටගෙන අත් දෙක බැදගෙන ජින් තියුණු හඩින් කිව්වා.....

"ජින් හෙයොන්ග්!! මං පොරො..... "

ජිමින් කියනකොට ජින් අතක් උස්සලා ජිමින් ව නැවැත්තුවා....

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ