ලා නිල් පාට ත්‍රී ක්වාටර් පෑන්ට් එකකට, කලු පාට ඕවර් සයිස්ඩ් ටී ෂර්ට් එකක් ඇන්ද ටේහී, කෙටි කොන්ඩේ එකතු කරලා හෙයා බෑන්ඩ් එකක් දැම්මා,. ඊලගට මිරර් ටේබල් එක උඩ තිබුන වීදුරු කප් එකෙන් ඩේසි මල් දෙකක් තිබුන හෙයා ක්ලිප් එක අරගෙන කොන්ඩේ රදවගෙන, ලිප් බාම් ටිකක් තොල් වල ගෑවා...
හුස්මක් පහල දාලා ඇද පුරා විසිරිලා තිබුන ඇදුම් දිහා බලලා තොල් උල් කරපු ටේහී, ඇදුම් ටික පිලිවෙලට නවලා ආපහු කබඩ් එකට දැම්මා.... පාසල් වයසේ කෝඩුකාර පෙම්වතියක් වගේ ඇදුම් තෝරලා හැඩ බල බල ඉන්න අතර තුරේදී තමයි ටේහී ට මතක් වුනේ එදා පාටි එකට ආපු ජිමින් ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ... එතනින් එහාට ටේහීට ගමන ගැන ඕනවට වඩා හිතන්න ඕන වුනේ නෑ....
ගාර්ඩ්න් එකේ වාහනයක් නැවතෙන හඩ ඇහෙනවත් එක්කම ජින් උස් හඩින් ටේහී ට කථා කරන කොට ඔරලෝසුව දිහාවට ක්ෂනික බැල්මක් පා කරපු ටේහී ටේබල් එක උඩ තිබුන fresh ලිලී මල් පොකුර අතට අරගෙන පඩිපෙළ දිගේ පහලට ගියා.
ටේහී පහලට එනවත් එක්කම ජිමින් වාඩි වෙලා හිටපු කවුච් එකෙන් නැගිට්ටා.... ජිමින් දිහා බලලා හිනාවෙලා එහෙමම දුවගෙන ගිහින් පැත්තකින් හිටගෙන හිටපු ජින් ගේ ඉනවටේ අත්දෙක පටලපු ටේහී, මොහොතකට වැඩිමල් සහෝදරයගේ පපුවේ උනුසුමට ගුලි වුනා...ටේහී දන්නවා, අද වැඩ අඩුයි කියලා ජින් ෂෝට් ලීව් එකක් දාලා ගෙදර ආවේ ටේහී ගැන වද වෙන නිසා කියලා....
"සරන්ග්හේ ජින්නු ඔප්පා, ටේහි ඉක්මනින් පරිස්සමට එන්නම්, අරස්සෝ!"
ජින් ගේ ඉනවටේ අත්දෙක පටලගෙනම මූන උඩට හරවලා ටේහී කිව්වා.... හිනාවුන ජින් ටේහී ගේ කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙන් රැදෙව්වා....
"යාහ් ටේහී!! හෙයොන්ග් ව තනියම අයිති කරගන්නද හිතාගෙන ඉන්නේ, ජීන්හෙයොන්ග් මගේ!! එහාට යනවා!!"
එක සැරේටම කෑ ගහගෙන ආපු ජන්කුක් ටේහී ව ඇදලා දාලා ජින්ගේ කරේ එල්ලෙනකොට, තොල් උල් කරලා ජන්කුක් ට රවපු ටේහී ජන්කුක් ගේ චබී කම්මුලක් රතු වෙන්නම පින්ච් කරලා ජිමින් දිහාවට හැරුණා....
ඒත් එක්කම හති දාගෙන ගෙට ගොඩ වුනේ තේහයුන්!!..
"ටේ.. ඔහ් ටේහී, හතරට තව වෙලා තියෙනව නේද?"
![](https://img.wattpad.com/cover/334908651-288-k686132.jpg)
YOU ARE READING
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්‍රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...