ටේහී ගිය වෙලාවේ ඉදලම සෝෆා එකට වැටිලා මූනෙන් මූන බලා ගෙන බුම්මගෙන හිටපු කොල්ලෝ හතර දෙනාම එක සැරේ කෙලින් වුනේ ගේ ඉස්සරහ වාහනයක් නැවතෙන සද්දේ ඇහුන නිසා...
"හාහ් ඇති යන්තම් එයාට ගෙදරක් තියනවා කියලා මතක් වෙලා!!"
ආඩපාලි කියන ගමන් ඈනුමක් යවලා නැගිටපු ජන්කුක් උස් ජනේලේ ලගට ගිහින් ජනෙල් තිරේ පැත්තකට කරලා පාර දිහා බැලුවා..
"තාම වෙලාව අටයි ඉඩියට් එයා පැය හතරයි එලියේ හිටියේ!"
ජන්කුක් ගේ ඔලුවට පාරක් ගහන ගමන් කියපු තේහයුනුත් ජන්කුක් ගේ පිටිපස්සෙන් ජනේලෙන් එබිලා බැලුවා...
"එයා එනවද?"
ජනෙල් වීදුරුවට මූන තද කරගෙන උනන්දුවෙන් එලිය බලාගෙන ඉන්න බාල සහෝදරයෝ දෙන්නා දිහා කම්මැලි බැල්මකින් බලපු ජින් ඇහුවා...
"ඔහ් මං හිතන්නේ එයා කාට හරි ගුඩ් බායි කියනවා!!"
ඇගිල්ලෙන් ජනෙල් වීදුරුවේ ඉරි අදින ගමන් ජින් දිහා බලලා තොල් උල් කරගෙන ජන්කුක් කිව්වා....
"කාටද?"
ඉක්මනින් නැගිටපු ජිනුත් ජනෙල් වීදුරුවට මූන තද කරලා එලිය බැලුවා... එහාපැත්තෙන් නම්ජූනුත් එබිලා බලනකොට, ගේට් එක වහපු ටේහී ගේ පැත්තට එන්න හදනවත් වේගෙන් ආපු තවත් වාහනයක් ගේට් එක ඉස්සරහ නැවතෙනවත් කොල්ලෝ හතර දෙනා කුතුහලෙන් බලාගෙන හිටියා....
ඊලගට phone එක දිහා බලපු ටේහී ආපහු ගේට් එක ලගට යනවත්, කා එකෙන් බැහැපු ජිමින් ගේට් එක ලගට එනවත් හැමෝම දැක්කා.....
ජිමින් ගේට් එකට තට්ටු කරලා මොනාහරි කියනවත් ටේහී ඒකට උත්තර දුන්නා කියලත් පුටුවක් උඩ නැගලා ගේට් එකෙන් එලිය බලාගෙන හිටපු ජන්කුක් කිව්වා....ඊලගට ජිමින් ගේ කා එක වේගෙන් යන්න යද්දී, අත් දෙකෙන්ම මූන පිහලා දාපු ටේහී ඉක්මන් අඩි තියලා ගේ දිහාවට ඇවිදගෙන ආවා.. ආපු වේගෙන්ම දොර ඇරලා තාමත් අන්ධකාරේ ගිලිලා තියන ගේ දිහා බලලා හුස්මක් අතෑරපු ටේහී කලුවරේම පඩිපෙළ නගින දිහා බලාගෙන හිටපු ජින් ජිමින් ට කෝල් එකක් අරගත්තා....
"ෂිට් off කරලා!!"
තරහින් phone එක පැත්තකට දාපු ජින් පැත්තකින් වාඩි වෙද්දි අනිත් අයත් ජින් ගේ වටේ එකතු වුනා....
YOU ARE READING
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...