අමාරුවෙන් කන්ද නැගගෙන එමින් හිටියේ ජිමින් එක්ක හේසෝක්... කථාබහ කරලා නොතිබුනත් හේසෝක් ජිමින් ගේ යාලුවා කියන්න කොල්ලෝ ටික වගේම ටේහිත් දැනගෙන හිටියා....
අමාරුවෙන් කන්ද උඩට ඇවිත් බෑග් එක බිමට අතෑරපු හේසෝක් එහෙමම බිම වාඩි වෙද්දි ජිමින් ගේ ඇස් දෙක මොනා හරි හොයන්න වගේ හතරවටේම කැරකෙනවා දැක්ක කොල්ලෝ හතර දෙනාගේම බැල්ම නැවතුනේ ටේහී ලග.....
ආයාසයකින් මූනේ ඇදුන හිනාව හංග ගත්තා වුනත් තමන්ගේ ඇස් දිලිසෙන බව ටේහී දැනගෙන හිටියේ නෑ....දිලිසෙන ඇස් ලොකු කරලා සහෝදරයෝ දිහා බලලා උරහිස් ගස්සලා ඉගියෙන් දන්නේ නෑ කියලා අගවපු ටේහී ඉක්මනින් ම බිම බලාගත්තා....."ඔහ් වට් අ සර්ප්රයිස්!! මේකට කියන්නේ ටෙලිපති කියලද එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක්ද හෙයොන්ග්!!"
ජන්කුක් ටිකක් සද්දෙට අහනකොට ජිමින් එයාලා ඉන්න පැත්ත බැලුවා... ඊලගට මූන පුරා ඇදුන හිනාවක් එක්ක එයාලා ඉන්න තැනට ඇවිදගෙන ආපු ජිමින් හැමෝටම ආචාර කරලා ටේහී දිහා බලලා උගුර පෑදුවා.....
"ආහ් ඇත්තටම ජිමින්!! ඔයා කලින් ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි වගේ ඇවිත් තියන්නේ!!"
ජිමින් ගේ උඩ ඉදන් පහලටම බලලා ජන්කුක් අහනකොට තේහයුන් ජන්කුක් ගේ ඉනට වැලමිටෙන් ඇන්නා....
"අ...ආහ් ඔ..ඔව්...මේ හේසොකා එකපාරටම තමා මෙහේ එමු කිව්වේ..."
ටිකක් එහායින් හිටපු හේසෝක් දිහා බැගෑපත් බැල්මකින් බලන ගමන් ජිමින් කිව්වා...
"ඕ...ඕ...ඒක තමා.... !!"
ජන්කුක් කට උල් කරගෙන කිව්වා....
"මං හිතන්නේ ජිමින්,ඔයාලා ටෙන්ට් එක කම්ප්ලීට් කරගත්තොත් හොදයි කරුවල වැටෙන්න කලින්.... !"
මෙච්චර වෙලා සද්ද නැතුව ඉදපු ජින් කියද්දී ඔලුව වනපු ජිමින් ජින්ට එකග වුනා... හුස්මක් පහල දාලා ජිමින් එහාට ඇවිදගෙන යන දිහා බලපු ජින් ඊලගට ටේහී දිහාවට හැරුණා....
"ටේහී ට මොකුත් කියන්න තියනවද?"
බිම බලාගෙන හිටපු ටේහී ඔලුව උස්සල ජින් දිහා බැලුවා....
"පිච්චෙන බව දැන දැනම ගිනිදැල්ල ට ලංවෙලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ටේහීයා!!"
ВЫ ЧИТАЕТЕ
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Фанфикකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...