🥀4

612 173 29
                                    

පහුවදා උදේ වෙනදා වගේම alarm එකට ඇහැරුන ටේහී, වැනි වැනීම කිචන් එකට ගියා... ටේහී කිචන් එකට යනකොටත් ටේකුක් ජෝඩුව නැගිටලා උදේ කෑම හදන්න පටන් අරගෙන තිබුනා...තේහයුන් උදේට කිචන් එකේ ඉන්න එක සාමාන්‍ය වුනත් ජන්කුක්!!

"කුක්!!"

"ඔහ් ටේහී සතියක් යනකන් ඔයා free"

ජන්කුක් ටේහී දිහා බලලා හිනා වෙලා කිව්වා..

" ඒත් ඇයි!!?"

"ආහ් ඒක මේ ඊයේ සීද්ධ වුන දේට හෙයොන්ග් අපි දෙන්නට දීපු පනිෂ්මන්ට් එක!"

තේහයුන් කිව්වා...ටේහී ඇස් හීන් කලා....

"ඇත්තටම අපි දෙන්නටම සොරි දෙන්න නූනා අපි නූනගේ හිත රිද්දන්න හිතලා එහෙම කිව්වේ නෑ!"

ටේහීගේ කරවටේ අත දාගෙන උරහිසට නිකට තියාගෙන ජන්කුක් කිව්වා....

"යාහ් කුක්!! සොරි කියන්නේ ඇයි.. ඒක ලොකු දෙයක් නෙවෙයි.. මං ඒ ගැන හිතන්නේ නෑ, මගේ හිත රිදුනෙත් නෑ, පිස්සු හාවා!!"

ජන්කුක් ගේ කම්මුලක් තද කරලා ටේහී හිනා වෙලා කිව්වා... ජන්ග්කුක් කලේ ටේහීගේ බෙල්ල පිටිපස්සෙන් මූන හංග ගත්ත එක... නොකිව්වට මුරන්ඩු ජන්කුක් එයාගේ එකම සහෝදරීට මහ හුගක් ආදරේ කලා....

ටේහී හිනාවෙලා ජන්කුක් ගේ කූරු කොන්ඩේ අවුල් කලා... ඒත් කිචන් ටේබල් එකට හේත්තු වෙලා මේ දිහා බලාගෙන හිටපු තේහයුන් දැක්කා ටේහීගේ හිනාවෙන ඇස් අස්සේ හැන්ගිලා තියන වේදනාව... යන්තමට ඉදිමිලා රතු වෙලා තියන ඒ ඇස් වල තේරුම මොකක්ද කියලා තේහයුන් දැනගෙන හිටියා... එයාලා නිවුන්නු!! ඉතින් එකිනෙකාගේ හුස්මක වෙනසකුත් එයාලා අදුරනවා....

"මියන්හේ ටේහීයා!!"
කථා නොකරම ටේහී ලගට ඇවිදගෙන ආපු තේහයුන්, ටේහීවයි ජන්කුක් වයි දෙන්නවම එකට හග් කරලා හෙමින් මිමුනුවා....

"හේයි ඉට්ස් ඕකේ ටේටේ!!"

නිදහස් අත තේහයුන් වටේ පටලලා පිටට තට්ටු කරලා ටේහී කිව්වා....

"අයිගෝ මා බේබීස් මොකද මේ ආ!!"

තුන් දෙනා වටේම එයාගේ උනුසුම් අත් දෙක දවටලා නිදිමත හඩින් ජූන් ඇහුවා.... කවුරුත්ම උත්තර නොදුන්නත් තුන් දෙනාම ජූන් ගේ උනුසුමට ගුලි වුනා....

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Tahanan ng mga kuwento. Tumuklas ngayon