වෙලාව හවස හත පහුවෙලා තිබුනා.. ශීත සෘතුව අවසාන දවස් කීපය ගෙවෙමින් තිබුන නිසාම පරිසරය පුරා සෞම්‍ය සිසිලක් පැතිරිලා තිබුනා....ටේහී අඩිය ඉක්මන් කරලා ජනාකීර්ණ වීදිය දිගේ ඇවිදගෙන ගියා....
මොහොතකට ටේහී ගේ ඉක්මන් ගමන අඩාල වුනේ වීදිය කොනක තිබුන අච්චාරු හට් එකක් නිසා... තත්පරේකට හැමදේම අමතක කරපු ටේහී කඩිමුඩියේ හට් එකට ගොඩ වෙලා අච්චාරු කප් එකක් අරගෙන ආපිට හැරුනා....
ඒ මොහොතේ ටේහීගේ ඇස් නැවතුනේ හුරුපුරුදු රූපයක් ලග...
"හේසෝක්!!" ටේහී තනියම මිමුනුවා... වොලට් එකට මොනවා හරි දාන ගමන් ඉස්සරහ තිබුන කැෆේ එකෙන් එලියට එමින් හිටියේ හේසෝක්, ජිමින් ගේ යාලුවා.... ටේහී ට හේසෝක් හතර පස් වතාවක් මුන ගැහිලා තිබුනා වුනත් ගිහින් කතා කරන්න තරම් ඇදුනුම් කමක් නොතිබුන නිසා තවත් වතාවක් හැරිලා හේසෝක් තමන් ව දැක්කද කියලා බලපු ටේහී අච්චාරු කප් එකේ ලිඩ් එක ලිහිල් කරන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා....පුරුදු විදිහටම විශේෂත්වයක් නැතිවම රාත්‍රීය ගෙවිලා ගිහින් ටේහීගේ රාජකාරී අවසන් වුනා....
වෙනදට වඩා ඇගට මහන්සියක් දැනුනත් ඒ ගැන නොහිතම ටේහී පයින්ම ගෙදර ආවා.... ටේහ්‍යුන්ගේ කෝල් එකටත් උත්තර දීලා, වොෂ් එකක් අරගත්ත ටේහී එහෙමම ඇදට වැටුනා....
මුල් දවස් වල කොහෙද ඉන්නේ කියලා අහලා ටේහීට වද දුන්නත් දැන් ටේහී ජිමින් ගේ අපාර්ට්මන්ට් එකේ ඇඩ්රස් එක දීලා තිබුනත් ටේහියුන් වත් ජන්කුක් වත් ටේහීව බලන්න එන්න අහන්නේ නෑ....
ඒකට හේතුව තමන්ගේ ම කේන්ති ගිය වචන වුනත් ටේහී ට ඒ ගැන මතකයක් තිබුනේ නෑ...ඒ නිසාම ටේහී ඒ ගැන තනියම දුක් වුනා....
කල්පනා කර කර ඉදලම නින්දකට වැටුන ටේහී ඇහැරුනේ හන්ජිගේ හඩින්...
"වෙලාව තුනයි ටේහී!!"
හන්ජී කියනකොට තව ටිකක් ඇදේ වකුටු වුන ටේහී හන්ජි තුන්වෙනි පාර කථා කරනකොට ඇහැරුනා...
ඉක්මනින් ලෑස්ති වෙලා පාරට ආපු ටේහී හුරුපුරුදු පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා...නොසන්සුන් කමක් හිත ඇතුලේ නලියෑවත් ටේහී පිටතින් සන්සුන්ව හිටියා.....
VOUS LISEZ
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්‍රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...