🥀30

562 143 27
                                    

"ආර්ග්හ් ඇයි හියුන්ග් එයා දවසින් දවස අර වැඩකට නැති පොලිස් කාරයා වගේම වෙන්නේ?"

මාස තුනක්  වයස වුන පුංචි කෙල්ල ලිලීගේ රෝස කම්මුල් වල හාදු තියන ගමන් ජන්කුක් නෝක්කාඩු කිව්වා.....

"යාහ් කුකී ඔය වැඩේ නවත්තනවා ඔයා එයාව ඇහැරවන්නයි හදන්නේ!!"

ජන්කුක් ගේ හාදු වලට තොල නොපිට පෙරලගෙන එහා මෙහා හැරෙන පුංචි රෝස මල දිහා බලලා ටේහ්යුන් රහසින් කිව්වා......

"යාහ් තමුන්ට ඕනේ ජින් හියුන් ලවා මට කෑම නැති කරන්නද? අද මගේ දවස, එලියට යනවා කුකී!!"

ටේහ්යුන් රහසින් ජන්කුක් ට සැර කලා....

"අනී හෙයොන්ග්!! මට පාලුයිනේ එයා දොයියගෙන ඉද්දි!!"

තොල් උල් කරලා කියපු ජන්කුක් ඊලගට කලේ, ටේහ්යුන් ජන්කුක් කරයි කියලා හිතපු දේමයි.....

ටේහ්යුන් ඇස් ලොකු කරද්දී,  පුංචි කෙල්ලගේ චුට්ටං බෝල බන්ඩියේ නහය අතුල්ලපු ජන්කුක්, බන්ඩි ගෙඩියට හාදු තියද්දී දැනුන කිතියට එහා මෙහා ඇබරුන රෝස මල ඊලග තත්පරේ මහ හයියෙන් අඩන්න පටන් ගත්තා.....

නිදිමත බේරෙන චූටි ඇස් පොඩි කරන ගමන් චබී කම්මුල් රතු කරගෙන අඩන පුංචි කෙල්ලව ජන්කුක් ඉක්මනින් වඩා ගත්තා....ටේහ්යුන් කට ඉරක් වගේ හදාගෙන බලාගෙන හිටියා....

"කිම් ටේහ්යුන්!!!"

ටේහ්යුන් බලාපොරොත්තු වුනා වගේම ඊලගට පහලින් ජින්ගේ සද්දේ ඇහුනා.....

"මේ කුකී තමා හෙයොන්ග්!!"

ටේහ්යුන් දෙපාරක් නොහිතම ජන්කුක් ව පාවලා දුන්නා....ටේහ්යුන් දිහා බලලා ඔරවපු ජන්කුක් රෝස බෝලේවත් අරගෙන පඩිපෙළ බහින කොට ටේහියුනුත් ඒ පිටිපස්සෙන් ම පහලට ගියා.....

පාක් ලිලී!! ඒක තමයි ටේහී එයාගේ පුංචි රෝස මලට දාපු නම.... ජින් ඇරෙන්න අනෙක් කිම් සහෝදරයෝ තුන් දෙනාටම ඕන වුනා පුංචි කෙල්ලට කිම් වාසගම දෙන්න....ඒත් දුරදිග හිතපු ජින් ටේහීට කිව්වේ ටේහී කැමති දේ කරන්න කියලා.....

ඉතින් ටේහීගේ කැමැත්තට පුංචි  ලිලීට එයාගේ පපාගේ වාසගම ලැබුනා.....

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Onde histórias criam vida. Descubra agora