🥀28

488 138 25
                                    

"එයා පොඩ්ඩක් විතර වීක් මිස්ටර් කිම්! එක දිගටම කෑම වේල් මිස් කරලා  තියනවා... ඒත් බයවෙන්න දෙයක් නෑ... බේබි ගොඩක් හොදින්... මමාත් ඉක්මනින් ම නෝමල් වේවී,  හරියට කෑම කාලා විටමින්ස් ටික අරගත්තම...."

පැහැදිලි සන්සුන් කට හඩක් ඇහෙනකොට ටේහී ඇස් තද කරගෙන ම ඒ හඩට ඇහුම්කන් දුන්නා....

"තැන්ක් යූ ඩොක්ටර් තැනක් යූ සෝ මච්!!"

ඊලගට ටේහීට ඇහුනේ හුරුපුරුදු කට හඩක්!!!

"ජින්නු ඔප්පා!!"

ටේහී දුර්වල හඩින් කිව්වා....

"ෂ් ටේහීයා ඔයාට දැන් කොහොමද?"

ඊලගට ටේහීට ඇහුනේ ටේහ්යුන් ගේ කටහඩ....

"හෙයොන්ග් ටේහී ඇහැරලා!"

"නූනා!!"

ඊලගට නම්ජූන් ජන්කුක් දෙන්නගේ කටහඩ....ටේහී හෙමින් ඇස් ඇරලා වටපිට බැලුවා....

"මං මං ක් කොහෙද? අපි ගෙදර ආවද?"

ටේහී හෙමින් වටපිට බලලා ඇහුවා...

"ටේහී! අපි තාම හොස්පිට්ල් එකේ, ඔයාට නින්ද යන්න බේත් දීලා තිබුනේ....තව ටිකකින් ගෙදර යන්න පුලුවන්!!"

ටේහී ගේ ඔලුව අතගාලා ජින් කිව්වා.. .

"දැන් වෙලාව කීයද ඔප්පා, ජ් ජිමින්? ය් යු...!!"

ටේහී හෙමින් කථා කලා....ඒත් ටේහීට කතා කරන්න නොදීම ජින් මැද්දෙන් පැන්නා....

"ෂ් හැමදේම හරි,  දැන් වෙලාව උදේ හතයි....ඊයේ රෑ තමයි අපි දැන ගත්තේ ඔයා හොස්පිට්ල් එකේ කියලා...දැන් ටිකකට කලින් තමයි අපි මෙහේට ආවේ... එතකොට ජිමින් ගැන දන්නේ නෑ!!"

ජින් කියලා ඉවර වෙනකොට හොස්පිට්ල් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ හුරුපුරුදු කෙනෙක්....

"හන්ජී?"

ටේහ්යුන් ගෙයි ජන්කුක් ගෙයි උදව්වෙන් නැගිටලා ඇදේ වාඩි වෙන ගමන් ටේහී කිව්වා.... හන්ජී හිනා වෙලා ටේහී ලගට ආවා....

"ටේහී! ඔයා හොදින් නේද?"

හන්ජී හිනා වෙලා ඇහුවා...ටේහී ඔව් කියන්න ඔලුව වැනුවා....

"ඔයා නිදාගෙන හිටපු නිසා මං එලියට ගියා, ඔයාට උනුවෙන් බොන්න දෙයක් අරගෙන එන්න,  මේක බීලා ඉමුද?"

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Where stories live. Discover now