🥀26

417 117 5
                                    

හෙමිහිට ඇදෙන් බිමට බැස්ස ටේහී කලින් දවසේ එන ගමන් මගදී මුන ගැහුන අවසාන ගෑස් සෙන්ටර් එකේ තිබුන කඩේකින් අරගත්ත ඇදුම් දාලා තිබුන කඩදාසි බෑග් එක අතට අරගත්තා.....
බර හුස්මක් ඉහල පහල දාලා කාමරේට අල්ලලා තිබුන පුංචි වොෂ් රූම් එක ඇතුලට ගිය ටේහී සීතල වතුරට දෝත ඇල්ලුවා....

____________________________________

"හාහ් මට නම් මේක හීනයක් වගේ මොනවද මං මේ අහන්නේ ඕහ්!!...."

යුන්ගි කව්ද මොකද්ද සිද්ධ වුනේ කියලා දැනගත්තට පස්සේ අතකින් පපුව තද කරගෙන හේසෝක් කිව්වා..... ටේහී යන්තමින් හිනා වුනා......

"එතකොට මං මෙච්චර දවස් බේත් කලේ පොලිසිය මෙච්චර හොයන ශුගාගේ පුතාටද? ඔහ් මයි හාටූ මේවා අහලා මගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා....!"

හේසෝක් ආයේත් කිව්වා....
පාන් පෙත්තක බටර් තවරන ගමන් හිටපු ටේහී හීනියට හිනා වුනා...

"හාහ් ටේහී ඇත්තටම මේක විහිළුවක් නෙවෙයි!! මෙතනින් එහාට මොකක්ද කරන්නේ අපි... !!"

ටේහී දිහා වගේම යුන්ගි ජීයොන් දිහාත් බලලා හේසෝක් බැරෑරුම් හඩින් ඇහුවා....

"ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඩොක්ටර්!! ඩොක්ටර් ආවේ ඩොක්ටර් ගේ වාහනේ නෙවෙයි ඒක නිසා කිසි කෙනෙක් ඩොක්ටර් එහෙට ආවා කියලා දන්නේ නෑ....මං මෙන්ෂන් එකේ CCTV footage සේරම විනාශ කලා.... පීටර්ටයි ඩ්‍රයිවර් ටයී දීපු ඉන්ජෙක්ෂන් එක තව පැය කීපයක් තියේවී..... ඩොක්ටර් හවස් වුනාම ටේහී එක්ක පිටත් වෙන්න... මේ වාහනේ අරගෙන යන්න, ඕක ගැන බය වෙන්න දෙයක් නෑ ඔය වාහනේ ලියාපදිංචි කරලා තියන්නේ සෝල් වල ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක් නමින්  !!"

ජියොන් කිව්වා...හේසෝක් හුස්මක් පාත දාලා ඔලුව දෙපැත්තට වැනුවා....

"දැනටමත් නගරෙන් පිට වෙන වාහන සෝදසි කරනවා ඇති.... චෙන් මහත්තයා ගේ තෙල් නැවක් අද රෑට පිටත් වෙනවා අපිත් අදම මෙහෙන් යනවා....!!"

ජියොන් ආයේත් කිව්වා...ටේහී කුතුහලෙන් ජීයොන් දිහා බැලුවා...

"ඒත් ජියොන් අපි වාහනේ අරගෙන ගියාම ඔයාලා කොහොමද යන්නේ?"

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Where stories live. Discover now