🥀3

670 176 22
                                    

"යාහ් මොකෝ ආපු වෙලාවේ ඉදලා උබ මූඩ් ගහලා!!"

ජිමින් ගේ අතට උනු චොක්ලට් කිරි මග් එකක් දීලා, බැල්කනි එකේ රේලින්ග් එකට හේත්තු වුන හේසෝක් ඇහුවා....

ජන්ග් හේසෝක් කියන්නේ ජිමින් ගේ ලගම මිත්‍රයා... ජිමින් ට හේසෝක් ව මුනගැහුනේ අහම්බයකින්... ඒ මීට අවුරුදු තුනකට කලින්.... ඒ වෙනකොට ජිමින් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් විදියට සේවය කරන්න අරගෙන අවුරුදු පහක් ගෙවිලා ගිහින් තිබුනා.... සේවා කාලේ අතරතුර ජිමින් ගේ දක්ෂතාවය, වගේම රජකාරියට තිබුන කැපවීම නිසාම ජිමින් හරි ඉක්මනින් රැකියාවේ ඉස්සරහට ගියා...
ඒ වෙනකොට කොරියාවේ වේගෙන් පැතිරිලා ගිය මාෆියාවේ දරුනුම පිලිලය විනාශ කරන රාජකාරීය ජිමින් ට පැවරුනේ ඔය අතර තුරේදී... ඒ තමයි ශුගා!! නම අහලා තිබුනත් ශුගාගේ මූන දැකපු කිසිම කෙනෙක් ජීවතුන් අතර හිටියේ නෑ. ජිමින් පියවරෙන් පියවර ශුගාගේ හැම තොරතුරක් ම හොයාගත්තා.... ඒත් හදිසියේම නොහිතපු වෙලාවක නොහිතපු විදිහට සිද්ධ වුන අනතුරකින් ඒ හැමදේම වතුරේ ගියා....
අනතුරෙන් පස්සේ අවුරුදු තුනක් යනකන් ජිමින් ට ඇවිදින්න පුලුවන් කමක් තිබුනේ නෑ.... මාස දහයකට ආසන්න කාලයක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ට්‍රරීට්මන්ට් අරගත්ත ජිමින් ව බලපු ඩොක්ටර් තමයි හේසෝක්!!

ජිමින් ට වඩා අවුරුද්දක් වැඩිමල් වුනත් හේසෝක් ජිමින් ට ලගම මිත්‍රයෙක් වුනා.... අවුරුදු තුනක් තිස්සේ එයාලගේ යාලුකම් හයියට බැදුනා.....
අනතුරෙන් පස්සේ ජිමින් ආපහු සාමාන්‍ය විදියට ඇවිදින්න වැඩ කරන්න අරගෙන තාම මාස තුනයි... ජිමින් ආපහු අතරමගදී නැවතුන මිෂන් එක කම්ප්ලීට් කරන්න පටන් අරගත්තා.... ඒ අතරතුරෙයි ජිමින් ට කරදරයක් කියලා ටේහී හිතුවේ.....

"ඒ ගෙදර නියමයි හොබා!! "

ජිමින් කිව්වා... හේසෝක් ඔලුව හරවලා ජිමින් දිහා බැලුවා...

"ගෙදරද? ගෙදරට උඹව කුදලන් ගිය කෙල්ලද?"

හේසෝක් හිනාවෙලා ඇහුවා....ජිමින් කට කොනකින් හිනා වෙලා උඩ බලාගෙන බෙල්ල පිටිපස්සට නැමුවා.....

"උබ දන්නවා හොබා!! ,කෙල්ලෝ කියන ටොපික් එක මං අතෑරලා ඉන්නේ කියලා..!!"

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Où les histoires vivent. Découvrez maintenant