Comments Goal 50
දවස ඉක්මනින් ගෙවිලා ගියා.... දවල් දවසම ටේහී ජිමින් එක්ක ගොඩක් කාර්ය බහුල වුනා...ඒ නිසාම ටේහීට ගෙදරට කතා කරන්න වෙලාවක් තිබුනේ නෑ...ඒ වගේම ටේහීට ගෙදරට කතා කරන්න මතක් වුනෙත් නෑ.....
නත්තල් දවසේ රෑ ටේහී ජිමින් එක්ක පල්ලියට ගියා...රාත්‍රි දේව මෙහෙය අවසානයේ නගරේ තිබුන කානිවල් එකට ගිය ටේහී ජිමින් දෙන්න ඇති තරම් විනෝද වුනා.....ජිමින් ගේ ආදරේ එක්ක ජිමින් ගේ රැකවරණය මැද්දේ, විනෝද සැනකෙලියේ ඇති තරම් විනෝද වුන ටේහීට අමතක වුනා තමන් සහෝදරයෝ හතර දෙනාට නත්තලට සුබ පැතුවේ නෑ කියනෙක.... ටේහීට අමතක වුනා හැමදාම ගෙදර නත්තල් කේක් ගෙඩිය කැපුනේ එයාගේ අතින් කියනෙක....
ජිමින් ගේ හිනාවෙන ඇස් අස්සේ ටේහී මුලු ලෝකෙම අමතක කලා... සමහරවිට ටේහී ට ටේහීවත් අමතක වෙලා වෙන්නැති..... පාන්දර වෙනකන් කානිවල් එකේ විනෝද වුන ජෝඩුව ගෙදර ආපු ගමන් වොෂ් අප් වෙලා නින්දට වැටුනා.....
ඊලග දවසේ ඇහැරෙන කොට වෙලාව දවල් දෙකටත් කිට්ටු වෙලා තියනවා දකින කොට ටේහී කලබලෙන් ඇදෙන් බිමට බැස්සා..... තාමත් තද නින්දේ ඉන්න ජිමින් ව ඇහැරවන්නේ නැතුවම ලෑස්ති වෙලා කිචන් එකට ගිහින් ඉක්මන් සැන්ඩ්විච් කීපයක් එක්ක උනු කෝපි ලෑස්ති කරපු ටේහී ආපහු බෙඩ් රූම් එකට ගියේ ජිමින් ව ඇහැරවන්න.....
"ජිමින්!!"
ඒ වෙනකොටත් ඇහැරලා සීතලේම බැල්කනි එකට වෙලා කල්පනා කරන ජිමින් ව දැක්කම ටේහී සද්දෙන් කතා කලා.....ජිමින් ගැස්සිලා ආපිට හැරිලා බැලුවා....
"කෑම කන්න එන්න!!"
ටේහී හෙමින් කිව්වා...ඔලුව වනපු ජිමින් එහෙමම වොෂ් රූම් එකට ගියා.... ජිමින් එනකම් ටේහී ටේබල් එක ඇරේන්ජ් කලා.....
"ජිමින්!! මොකක්ද ප්‍රශ්නෙ?'
නිහඩවම කෑම අවසන් කරපු ජිමින් ලගින් කෝපි කෝප්පේ තියන ගමන් ටේහී ඇහුවා...ජිමින් මොකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා....
ඒත් ජිමින් වෙනස් කියලා ටේහීට තේරුනා.... සෝල් ආවත් හරි කෑම මේසේ ආදරනීය කථා බහින් පිරිලා තිබුනා... ඒත් අද ආයේමත් බුසාන් වල හිටපු විදියටම ජිමින් නිහඩ වෙලා....
ВЫ ЧИТАЕТЕ
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Фанфикකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...