🥀29

538 142 35
                                    

"යාහ් කිම් ටේහ්යුන්!!! කව්ද කියනවා මං එපා කියලා තියෙද්දිත් මේ කඩචෝරු මල්ලක් අරගෙන ආවේ ආ....!!"

මුලු ගෙදරම හෙල්ලිලා යන්න ජින් කෑ ගහන කොට ජින් ව ගනන් නොගෙනම ටේහී ජන්කුක් ගෙනත් දුන්න සැර අච්චාරු හැන්දක් කටට දාගත්තා....

මොකුත් නොදන්න ටේහ්යුන් පඩිපෙළ බැහැගෙන පහලට එද්දිම තවත් කඩචෝරු මල්ලක් උස්සගෙන ගේ ඇතුලට එන ගමන් හිටපු නම්ජූන් දොර ලගම නැවතුනා.....

මේ ආදරේ පිරුන කිම් නිවසේ තවත් කලබල හැන්දෑවක්....  ටේහී ගේ බේබි බම්ප් එකට දැන් මාස පහක්....අවුරුද්දක නිවාඩු අනුමත කරගෙන හිටපු ජින්  ටේහී බලාගන්න ටේහී එක්ක ගෙදර නැවතුනා...

ඩොක්ටර් කෙනෙක් වුන ජින් ටේහී ගේ සෞඛ්‍ය ගැන ඕනවටත් වඩා වද වුනා....ඒ නිසාම ටේහීට ඕන ඕන දේවල් විශේෂයෙන්ම කඩචෝරු කන එක තහනම් දෙයක් වුනා...ඒත්  තමන්ගේ පුංචි සහෝදරීගේ ඕනම ඉල්ලීමක් දිවි හිමියෙන් ඉෂ්ඨ කරන්න කැප වුන අනිත් සහෝදරයෝ නිසා ජින්ගේ නීති රීති ගගට කැපුව ඉනි වගේ වුනා....

හැමදාම හවසට ගෙදර එද්දි මොකක් හරි කඩචෝරුවක් උස්සන්  ඇවිත් ජින් ගේ ඇස් වහලා ටේහීගේ අතට දෙන්න සහෝදරයෝ තුන් දෙනා පුරුදු වෙලා හිටියා....

හැමදාම ජින් ගෙන් බැනුම් ඇහුවත්,  ඉද හිට වෙලාවක කෑම දෙන්නේ නෑ කියලා තර්ජනය කලත් කොල්ලෝ තුන් දෙනා මේ පුරුද්ද නැවැත්තුවේ නෑ..... අදත් එහෙම දවසක්.....

"මොකද හාම්පුතා දොර ගාව හොරගල් අහුලන්නේ?"

ඉනට අත් දෙක තියාගෙන දොර ගාව හිටගෙන ඉන්න ජින්ගේ හඩින් නම්ජූන් ගැස්සිලා ගියා.... ටේහී ගේ අවදානේ තිබුනේ නම්ජූන් ගේ අතේ තිබුන බෑග් එකේ....

"ඔහ් ජින් හෙයොන්ග්!! ම් මං මේ බැලුවේ සෙරෙප්පුවට ජරා ගොඩක් පෑගුනාද කොහේද!! මේ ටැනී හැම තැනම ජරා කරලා!"

නම්ජූන් කකුල බිම ගසන ගමන් කිව්වා...ටේහ්යුන් කට ඇදකරගෙන හිටගෙන හිටියා....

"ටැනී ජරා කරලා නම් ටේ ඒවා අස් කරයි තමුන් ගෙට ඇවිත් ඔය මල්ල දිගාරිනවා බලන්න!!"

ටේහ්යුන් දිහා බලලා කියපු ජින් දොර ගාවින් එහාට වුනා....

"අ.  ...ආ....හරි හෙයොන්ග්!! හෙයොන්ග් කියන නිසාම මං අද ටේහීට fruits විතරයි අරගෙන ආවේ...."

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Donde viven las historias. Descúbrelo ahora