මොහොතකට පස්සේ ටේහී ඇස් අරිනකොට හිටියේ සුවපහසු කාමරේක ඇදක් උඩ...
හුරුබුහුටි හෙදියක් ටේහී දිහා බලලා හිනාවෙලා ටේහීට නැගිටලා ඇදේ වාඩි වෙන්න උදව් කලා.... ඊටපස්සේ වතුර වීදුරුවක් ටේහීගේ අතට දුන්නා.... වතුර වීදුරුව අතේ තියාගෙන ටේහී කල්පනා කලේ අහන්න ලැබුන දේවල් ගැන...
කල්පනා කර කර හිටපු ටේහී එකසැරේටම ගැස්සිලා ගියේ කාමරේ ඇරුන දොරෙන් ඇතුලට ආව හුරුපුරුදු කෙනා දැක්කම...
"හ්...හේසෝක්?"
ටේහී ඇස් ලොකු කරගෙන හේසෝක් දිහා බලාගෙන හිටියා.... හේසෝක් හිනාවෙලා ටේහී ලගට ඇවිත් වාඩි වුනා....
"මයි congratulations ටේහී, යුආ ගොයින් ටු බී අ මාම්!!"
හේසෝක් හිනාවෙලා කිව්වා...ටේහී ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.....
"ඔන්න මං ජිමිනාට කිව්වේ නෑ ඔයාම කියන්න!!"
හේසෝක් ආයේත් කිව්වා... ටේහී අපහසුවෙන් හෙඩ් බෝඩ් එකට හේත්තු වුනා...
"හ්..හේසෝක් ම් මෙහේ ආවේ...."
ටේහී දොර දිහා බලන ගමන් ගොත ගැහුවා....
"ආහ් යුන්ගියා මට කෝල් කලේ, මම තමයි යූන්ගිගේ ඩොක්ටර්!! මං දැනගෙන හිටියේ නෑනේ ටේහියි යුන්ගියි යාලුවෝ කියලා..."
හේසෝක් හිනාවෙලා කිව්වා...ටේහී අපහසුවෙන් හිනා වුනා...
"ය්..යුන්ගිගේ කන්ඩිෂන් එක ඒක කොහොමද හේසෝක්?"
ටේහී ඊලගට ඇහුවා.....හේසෝක් හුස්මක් පහල දාලා බිම බලාගත්තා...
" ඔයා ඉන්න තත්වේත් එක්ක මේවා කියලත් බෑ ටේහී, ඒත් එක පාර දැන ගන්නවට වඩා දැනගෙන ඉන්නෙක හොදයිනේ...එයාගේ හාට් එක ගොඩක් දුර්වලයි ටේහී, එයාට තව එච්චර කාලයක් නෑ කියලා විතරයි මං දන්නේ... හිත හොද මිනිස්සු ඉක්මනින් යන්න යනවා!! "
හේසෝක් වාඩිවෙලා හිටපු තැනින් නැගිටින ගමන් කිව්වා..
"හේසෝක්!!"
ඉක්මනින් කකුල් දෙක බිම තියපු ටේහී කලබලෙන් කථා කලා...හේසෝක් හැරිලා බැලුවා...."ඔයාට පුලුවන් ද මේ ගැන මොකුත් ජිමින් ට නොකියා ඉන්න!!"
ටේහී කියනකොට ආපිට හැරුන හේසෝක් ඇහිබැමක් උස්සලා බැලුවා...
YOU ARE READING
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...